• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම හදන ජාතික වැඩසටහන නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (PHOTOS)

October 27, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
ගම හදන ජාතික වැඩසටහන නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (PHOTOS)
Share on WhatsAppShare on Facebook

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් ජනාධිපති කාර්යසාධක බළකාය හා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මගපෙන්වීමෙන් කැබිනට් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව “ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන” ආරම්භ කෙරේ.

ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කළ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ නව රජයෙන් ග්‍රාමීය ජනතාව වෙත සෘජුවම හා කඩිනමින් ප්‍රතිලාභ ගෙන යාමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙයි.

ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ ජාතික වැඩසටහන සඳහා පත්කරනු ලැබූ ප්‍රධාන කමිටු 04 අතරින් සාමජයීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ නිල වැඩකටයුතු අද (27) පෙරවරුවේ අනුරාධපුර උතුරුමැද පළාත් සභා ශාලාවේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.

“සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව” සඳහා කැබිනට් අමාත්‍යාංශ 03 ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 09 ක් සම්බන්ධ වේ.
• කැබිනට් අමාත්‍යාංශ

  1. අධ්‍යාපන අමාත්‍යාංශය
  2. සෞඛ්‍ය අමාත්‍යාංශය
  3. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

• රාජ්‍ය අමාත්‍යාංශ.

  1. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
  2. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
  3. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්‍යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
  4. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය
  5. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
  6. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
  7. දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
  8. ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය.
  9. ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.

ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ ජාතික වැඩපිළිවෙළෙහි සාමාජයීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ නිල වැඩකටයුතු ආරම්භ කරමින් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය රාජ්‍ය යාන්ත්‍රණය තුළින් ගම් මට්ටමට ගෙන යාමට අවශ්‍ය සම්බන්ධීකරණය සඳහා මෙම කමිටු 04 ක්‍රියාත්මක වන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ප්‍රදේශවල හඳුනා ගත් ජන ගැටලු සඳහා විසඳුම් ලබා දීම කඩිනම් කිරීමට රජය පියවර ගන්නවා. එමෙන්ම ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය උදෙසා 2021 වසරේ අය වැය සදහා වෙන් කර ඇති මුදල් යෙදවීම කෙසේ සිදු කළ යුතුද යන්න හඳුනා ගැනීමටත්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා හඳුනාගත් ක්ෂේත්‍රයන් 04 ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කටයුතු යොදා තිබෙනවා.
රට වෙනුවෙන් සිදු කරන සෑම වටිනා කටයුත්‍තක්ම අනුරාධපුරයෙන් ආරම්භ කරන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණෙන්. එක් එක් අමාත්‍යාංශවලින් ඉදිරි වසරේ අය වැය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන සහ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩ සටහන්වල දළ අවබෝධයක්ද මේ අවස්ථාවේ දී ලබාගත හැකියි.
ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් ඔස්සේ උතුරුමැද පලාතට සිදුකිරීමට නියමිත සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් ඉදිරිපත් කර, එම කරුණු සාකච්ඡාවට ගැනීම සිදුකළා. ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ කරුණක් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වෙත විෂය පථයන් බෙදා දීමටත්, එක් එක් රාජ්‍ය අමාත්‍යාංශ තුළ සිදු කළ හැකි වැඩ කටයුතු ගම් මට්ටමෙන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා.
මේ වන තෙක් ජනතාව වගේම රාජ්‍ය නිළධාරීන්ද අපහසුතාවට පත් කළ විශේෂ කරුණක් වන්නේ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට ඒ ඒ විෂයන්ට වග කියන ආයතනයක් නොමැති වීමයි. අද එසේ නොවන්නේ හැම අනු විෂයකටම වගකිවයුතු දේශපාලන අධිකාරියේ ජනතා නියෝජිතයෙක්ද, රාජ්‍ය නියෝජිතයෙක්ද පත්කර තිබෙන නිසයි.
දැන් අපිට තිබෙන අභියෝගය වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා මෙම ප්‍රතිලාභ ගමට ගෙන යාමයි. අමාත්‍යාංශ සියල්ල දෙස බැලූවිට ගම් මට්ටමින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන අමාත්‍යාංශ තිබෙන්නේ කිහිපයයි. අනෙක් අමාත්‍යාංශවල විෂය පථය හා වැඩපිළිවෙළවල් තිබූ නමුත් ඒවා ගමට ගෙනයාමේ යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. මෙම කටයුතු සම්බන්ධීකරණය කර රාජ්‍ය යාන්ත්‍රණය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන සෑම අමාත්‍යාංශයකම තිබෙන ප්‍රතිපාදන ගමට ලැබෙන ලෙස සැලසුම් කිරීම අපගේ වගකීමයි.
පත්කළ කමිටු 04 ම සෑම පලාතකටම ගොස් ඉදිරි මාස කීපය තුළ රැස්වී ජනතාව වෙනුවෙන් ග්‍රාමීයව සංවර්ධනය විය යුතු විෂයයන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මේ හරහා කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල අමාත්‍යවරුන් හා නිලධාරීන් ඒ ඒ පලාතේ ජනතාවගේ ප්‍රශ්ණ හා ගැටලු පිළිබද සොයා බලා ඒවා අවම කිරීම සදහා සුදුසු ක්‍රමවේදයන් සකස් කර අංශ ගණනාවක් ඔස්සේ අති විශාල සංවර්ධන වැඩ සටහන් රැසක් ඉදිරි වර්ෂ කීපය තුළ ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට “සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව”ට අදාළ සෙසු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ප්‍රධානීන්, නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුම් ගැසූ පොම්පියෝ ලංකාවට ඇවිත්

Next Post

තවත් රෝගීන් 457ක්: මොරටුව-පානදුර-හෝමාගමත් වසා දමයි

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.