ගම හදා රට හදන මෙහෙවරේ ග්‍රාම නිලධාරින්ට ප්‍රමුඛ වගකීමක් පවරන්නට සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද (23) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ග්‍රාම සේවා නිලධාරීන් පිරිසක් හමු වූ විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
ජාතික සංවර්ධන ක්‍රියාවලිය තුළ ග්‍රාම නිලධාරින් විශාල මෙහෙවරක් ඉටු කරන බවත්, ඔවුන්ගේ දායකත්වය තුළින් රට ගොඩනැගීම වඩාත් සක්‍රීය කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.
ඔවුන්ගේ වෘත්තිය ගරුත්වය සුරක්ෂිත කොට වඩාත් අභිමානවත් වැඩපිළිවෙළක් උදෙසා ග්‍රාම නිලධාරින්ගේ සේවය විධිමත් කළයුතු බව පැවසූ විපක්ෂ නායකතුමා ඉතිහාසයේත් වර්තමානයේත් ග්‍රාමනිලධාරින් කළ සහ කරමින් සිටින සේවය ඉහළින්ම ඇගයීමට ලක්කළයුතු බවද කීය.










