ඉදිරි දින කිහිපය තුළ සිදුකෙරෙනු ඇති බව කියන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බලශක්ති අමාත්‍ය ධුරය දරන උදය ගම්මන්පිල මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.
උදය ගම්මන්පිල මහතාට එරෙහිව තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව මේ හරහා අහෝසි කරගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව වෙනත් අමාත්‍ය ධුරයක් ගම්මන්පිල මහතාට ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවද පැවැසේ’
ආණ්ඩුවේ පසුපෙළ විසින් ගම්මන්පිල මහතාට එරෙහිව දියත් කර තිබූ ප්‍රහාරය මේ වන විට නැවැතී ඇත්තේද මෙම හේතුව නිසා බව වාර්තා වේ.
එමෙන්ම තවත් අමාත්‍යාංශ කිහිපයකම විෂය පථයන් ගණනාවක් වෙනස් කිරීමටද ආණ්ඩුව තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.










