• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්පොළ HNB එකේ ATM මැෂින් එක ලක්ෂ 76කුත් එක්ක උස්සන් ගිය කල්ලියේ 2ක් අල්ලයි! මහමොළකරු අවුරුදු 22ක් හමුදාවේ විශේෂ බළකායේ සිටි අයෙක්!

February 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
Share on WhatsAppShare on Facebook

ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරියා පුටුවක තබා ගැට ගසා රුපියල් ලක්ෂ 76කට අධික මුදලක් සමඟ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය (සී.ඩී.එම්) කොල්ලකෑ කල්ලියේ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇත. ඒ අතර මෙම කොල්ලයේ මහමොළකරුද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

යුද හමුදාවේ විශේෂ බළකායේ වසර 22ක් පමණ සේවය කර ඇති අයකු වන මෙම සැකකරුත් අනෙත් සැකකරුත් අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නල ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් අනතුරුව බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පසුගිය 25 වැනිදා අලුයම් කාලයේදී කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පැමිණි සිව් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම කොල්ලය සිදු කර තිබුණේ මෙරට ඉතිහාසයේ පළමු වරට මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයක් පැහැර ගැනීමක් සනිටුහන් කරමිනි. මෙම කොල්ලයෙන් පැය 04කට පමණ පසු වෑන් රථය පේරාදෙණිය ගලහා හන්දියේ දමාගොස් තිබියදී පොලිසියට හමුවී තිබිණි. එහි රියැදුරුද දෑත් බැඳ වෑන් රථය අසල දමා ගොස් තිබිණි. එම රියැදුරු අරණායක පදිංචිකරුවෙකි. ගුවන් හමුදාවේ සේවය කළ විශ්‍රාමික සෙබළකු වන ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ කුලී ගමනක් යන මුවාවෙන් වෑන් රථය පේරාදෙණියට ගෙන්වාගෙන තමාගේ දෑත් සහ දෑස් ගැටගසා වෑන් රථය පැහැරගෙන ගොස් නැවත වෑන් රථය සමඟ තමාව අතහැර ගිය බවය. රියැදුරුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඇතිවුණු පරස්පර සහ සැකයන් මත ඔහුව දින කිහිපයක්ම පොලිස් භාරයේ තබාගෙන විමර්ශන පවත්වන ලදි. ඒ අතරතුර අවස්ථා දෙකකදී ඔහුට අයත් බැංකු ගිණුමකට වෑන් රථයේ කුලිය බව කියමින් ලක්ෂයක මුදලක් කොල්ලකරුවන් විසින් බැර කර තිබිණි. මෙම වෑන් රථය කුලී ගමන සඳහා පේරාදෙණියට ගෙන්වා ගත්තේ යැයි කියැවුණේද වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේය. එම ඇමතුම ලබාදුන් දුරකතන අංකය සහ බැංකුවට මුදල් තැන්පත් කළ බැංකු ශාඛාව ඔස්සේ කළ විද්‍යාත්මක විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.

ගම්පොළ බැංකුවෙන් කොල්ලකෑ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය කේ.ඩී.එච්. වෑන් රථයේ දමාගෙන ගියද එය අතරමඟදී වෙනත් වාහනයක පටවාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට පොලිසිය සැක කරයි. බොහෝ විට මෙම යන්ත්‍රය පන්නලට රැගෙන ගොස් එය කඩා මුදල් රැගෙන ඇති බව පොලිසිය විශ්වාස කරයි. අද හෙටම එම යන්ත්‍රය සමඟ සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

බැංකුවේ යන්ත්‍රය ගලවාගෙන රැගෙන යාමට කොල්ලකරුවන්ට හැකියාව ලැබී ඇත්තේ එම යන්ත්‍රය බිමට සවි වන්නට අල්ලා ඇති ඇණ හතරකින් දෙකක් පමණක් සවිකර තිබීමත් එම සවිකර ඇති ඇණද සවිමත් ලෙස තිබී නැති නිසා බවත් පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එසේ එම යන්ත්‍රය අනාරක්ෂිත ලෙස සවි කර ඇති බව මෙම කොල්ලකරුවන්ට යම් පුද්ගලයකුගෙන් තොරතුරු ලැබී ඇති බවට සැකයක්ද ඇති වී තිබේ. ඒ ගැනද පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. වෑන් රථ රියැදුරුව පෙරේදා (30) ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

හැමෝම ඉල්ලපු.. හැමෝම බලන් හිටපු.. හැමෝම කෝ කියලා අහපු ඡන්ද ගැසට් එක ඔන්න ගැහුවා!

Next Post

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය පරිපාලන ඇමැතිට ලියුමක්! වහාම පළාත් පාලන ආයතන විසුරුවා හරින්න!

MORE NEWS

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

"මේ යන විදිහනම් එච්චර හොඳ නෑ.. ට්‍රම්ප්ගේ බද්ද ආයෙත් අපිට බලපානවා" Sri Lanka Latest News

Read more
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.