• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්පොළට ගිහින් සජිත් සෙල්ෆිය ගහපු එකට උසුළු විසුළු කරන්න සිරස වෙන් කළ වෙලාවයි ගම්පොළ ඉස්පිරිතාලට සජිත් ගිහින් සෞඛ්‍ය උපකරණ දීමට සිරස වෙන් කළ වෙලාවයි හොයලා බලන්න! කවුරු වුණත් අපේ නායක සජිත් ප්‍රේමදාසට මේ විදිහට පහර දෙන්න ඉඩදෙන්න බෑ! සිරසෙන් සජිත්ට එල්ල කරන ප්‍රහාර ගැන සජබ මූලස්ථානයේදී ලොකු කතාබහහක්! VIDEO I Sri Lanka Latest News

December 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගම්පොළට ගිහින් සජිත් සෙල්ෆිය ගහපු එකට උසුළු විසුළු කරන්න සිරස වෙන් කළ වෙලාවයි ගම්පොළ ඉස්පිරිතාලට සජිත් ගිහින් සෞඛ්‍ය උපකරණ දීමට සිරස වෙන් කළ වෙලාවයි හොයලා බලන්න! කවුරු වුණත් අපේ නායක සජිත් ප්‍රේමදාසට මේ විදිහට පහර දෙන්න ඉඩදෙන්න බෑ! සිරසෙන් සජිත්ට එල්ල කරන ප්‍රහාර ගැන සජබ මූලස්ථානයේදී ලොකු කතාබහහක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැති ආපදා තත්ත්වයෙන් විපතට පත් වූ ගම්පොළ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ නැංවීම උදෙසා හුස්ම ව්‍යාපෘතිය තුළින් ගම්පොළ රෝහලට රුපියල් ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා ගම්පොළ නගරයේ ගොඩ ගැසී තිබෙන කුණු කසල නොදැක්ක බවත් විපක්ෂ නායකවරයා ගම්පොළ නගරයට ගොස් ජනතාව සමඟ පින්තුර ගනිමින් සිටින බවත් එක්තරා මාධ්‍ය ආයතනයක් පමණක් වාර්තා කර තිබුණා. කෙසේ නමුත් දේශපාලඥයින්ට අපහාසා කරමින් , ජනතාවගේ කෝපය වැඩිකරවන ආකාරයේ පුවත් සමාජගත කිරීමෙන් රටක් ආරජික වීමට ඉඩ තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පොළ රෝහලට සිදුකළ පරිත්‍යාගය පිළිබඳව සුළුවෙන් කතා කර ගම්පොළ නගරයේ කුණු ඉවත් නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මඩ ප්‍රහාර එල්ල කිරීම ආණ්ඩුවේ අභිමතය පරිදි සිදුවූවක්ද නැතිනම් එම මාධ්‍ය ආයතනයේ අභිමතය පරිදි සිදුවක්ද යන්න ප්‍රශ්නයක්. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම විවේඡන එල්ල කිරීම පිළිබඳව නිශ්ශබ්දව සිටිම කළ නොහැකි කටයුත්තක්.

ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හුස්ම වැඩසටහන යටතේ රටේ ඇතිවුණ ව්‍යසනකාරී තත්ත්වයෙන් පසු විනාශ වුණ නාත්තන්ඩිය , හලාවත , ගම්පොළ , දඹදෙණිය යන රෝහල් හතරට අවශ්‍ය කරන උපකරණ පරිත්‍යාග කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා මෙම රෝහල්වලට අවශ්‍ය කරන උපකරණ ලබාදීම සිදුකළේ එම රෝහල්වල තිබෙන අඩුපාඩු සොයා බලලයි. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා හුස්ම වැඩසටහන යටතේ රෝහල් 68 කට අවශ්‍ය කරන උපකරණ මීට පෙර ලබාදී තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයට ලැබෙන සියලුම අරමුදල් යොදවන්නේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහායි. සමගි ජනබලවේගයේ පක්ෂ අරමුදලින් රටේ ආගමික නායකයින්ට , සිවිල් පුරවැසියන්ට , රාජ්‍ය නිලධාරීන්ට , දේශපාලඥයින්ට මඩ ගහන්න එම මුදල් යොදවන්නේ නැහැ.

ඒ වගේම ව්‍යසනයෙන් පසු ආපදා තත්ත්වයෙන් හානියට පත් දිස්ත්‍රික්කවල ජිවත්වන ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත්වන ලෙස සමගි ජනබලවේගයේ සියලුම මහජන නියෝජිතයන්ට සජිත් ප්‍රේමදාම මහතා උපදෙස් ලබාදුන්නා. ඒ අනුව සමගි ජනබලවේගයේ සියලුම මහජන නියෝජිතයන් රාජ්‍ය බලයක් නැතිව , ආණ්ඩු බලයක් නැතිව හැකි පමණින් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රාණි කිරිඇල්ල පමණයි ගම්පොළට ගොස් තිබුණා. ගම්පොළ ජනතාවට ඒ බව දන්නවා. ඒ වගේම ගම්පළින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණ ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරයාවත් ගම්පොළ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට ගොස් නැති බවත් වාර්තා වුණා.

ඒ වගේම මේ වනවිට ගම්පොළ නගරයෙන් දෛනිකව කුණු ටොන් 14 ක් පමණ එකතු වන බව වාර්තා වෙනවා. ඒ වගේම ගම්පොළ නගරයේ මේ වනවිටය කුණු ටොන් 200 ත් 300 ත් අතර ප්‍රමාණක් තිබෙනවා. ඒ වගේම මෙම කුණු තොගය ඉවත් කිරීම සඳහා ට්‍රැක්ටර් රථ 3 ක් සහ කුණු එකතු කරන රථ එකක් පමණයි තිබෙන්නේ. ගම්පොළ ගොඩ ගැසී තිබෙන කුණු තොග බැහැර කරන්නේ දඹුල්ලට. එ් වගේම ගම්පොල නගර සභාවේ බලය හිමි වී තිබෙන්නේ සමගි ජනබලවේගයට. කෙසේ නමුත් ගම්පොළ නගර සභාවේ සිටින ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සමගි ජනබලවේගයේ නගරාධිපතිවරයාට විශාල සහායක් මේ මොහොතේ ලබාදෙනවා. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ස්තුතිවන්ත වෙනවා. කෙසේ හෝ ගම්පොළ නගර සභාවේ බලය සමගි ජනබලවේගයට හිමි නිසා ගම්පොළ නගරය යථාවත් කිරීම වළක්වාලන්න යම් කිසි කණ්ඩායමක් උත්සහ දරනවාදැයි සැකයක් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගයට බලය හිමි නොවන පළාත් පාලන ආයතනවලට සහාය නොදක්වන බව ජාතික ජනබලවේගයේ ප්‍රබලයින් ප්‍රකාශ කළා. ඒ නිසා ගම්පොළ නගර සභාව දිගින් දිගටම විවේඡනය කරන්නේ එහි බලය සමගි ජනබලවේගයට හිමි නිසාද? කෙසේ නමුත් ආපදා තත්ත්වයකින් පසු මධ්‍යම රජය අදාල පළාත් පාලන ආයතවලට උදව් උපකාර කිරීමට කටයුතු කළ යුතුයි.

ඒ වගේම සමගි ජනබලවේගය රෝහල්වලට වෛද්‍ය උපකරණ ලබාදීමේදී පක්ෂ භේදයකින් තොරවයි ඒ කටයුතු සිදුකරන්නේ. රෝහල් වලට වෛද්‍ය උපකරණ ලබාදෙන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන්. එම උපකරණ ලබා දෙන්නේ සමගි ජනබලවේගයේ සමාජිකයන්ට පමණක් නෙවෙයි. ඒ වගේම එම උපරකරණ රෝහල්වලට බලහත්කාරයෙන් ලබා දුන්නේ නැහැ. රෝහල්වල අධ්‍යක්ෂවරුන්ගෙන් විමසලයි ඒ ශෛල්‍ය උපකරණ අදාල රෝහල්වලට ලබාදීමට කටයුතු කළේ. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ක්‍රියාදාමයන් විවේඡනය කරන යම් යම් මාධ්‍ය ආයතන ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිදුකරන්නේ තිබෙන්නේ මොනවාද? සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපයන් විවේඡනය කරන යම් යම් මාධ්‍ය සිදුකරන්නේ මහජනතාවගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ එකතුකරගෙන ඒවා ජනතාවට බෙදා දීම පමණයි.

ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිනෙන් දින ජනතාවගේ ප්‍රාසාදයට ලක්වන විට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ඔහුව ඉල්ලක කරගනිමින් මඩ ප්‍රහාර එල්ල කරනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් විපක්ෂය ඉලක්ක කරගනිමින් ගෙනයන මඩ ව්‍යපාරය පිළිබඳව ජනතාවට කෙටි කාලයකින් අවබෝධ වෙයි. එම පිරිස්වලට විරුද්ධව රටේ මහජනතාව ලඟදීම නැගිටිනවා. ඒ වගේම ආණ්ඩුව හිතමානිව මෙම ආපදා තත්ත්වයෙන් රට මුදාගෙන රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය විපක්ෂයෙන් ලබාගන්න. උද්දච්ච ලෙස කටයුතු නොකරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ආණ්ඩුවේ හොද දේවල් විවේඡනය කරන්න විපක්ෂය කවදාවත් කටයුතු කරලා නැහැ.

ඒ වගේම ආපදාට පත් ජනතාව වෙනුවෙන් රජය යම් වැඩපිළිවෙළක් සිදුකරගෙන යනවා. ඒ වගේම ආපදාව හේතුවෙන් විනාශ වුණ මං මාවත් අලුත්වැඩියා කරන්න රජය වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඒය රජය සතු වගකීමක්. නමුත් ආපදාට පත් ජනතාවට රජය විසින් ලබාදෙන බව කියු රුපියල් 25,000 ක මුදල සියයට 70 කට පමණ තවම ලැබී නැති බවයි වාර්තා වෙන්නේ. කෙසේ හෝ ආපදාවෙන් අගතියට පත් මහජනතාවට මෙම මුදල් විශාල රුකුලක් වෙනවා. ඒ වගේම මෙම මුදල ලබාදීමේදී ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ පාක්ෂිකයන්ට මෙම මුදල් ලබාදෙන බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. යම් දේශපාලනික කාරණා නිසාත් මෙම මුදල් ලබාදීමේ යම් ප්‍රමාදයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම විපතට පත් ජනතාවගේ තොරතුරු එක් රැසක් කරන්න විපක්ෂ නායක කාර්යාලයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක් ආරම්භ කරනු ලැබුවා. ආපදාවට ලක්වුණ ජනතාවට ලබාදෙන මුදල් තවම ලැබී නැති බව එම තොරතුරු කේන්ද්‍රයට ලැබෙන දුරකතන ඇමැතුම් වලින් පෙනී යනවා. කෙසේ නමුත් මෙම වන්දි මුදල් ලබාදීමේදී ආණ්ඩුවට යම් යම් අභියෝගවලට මුහුණ දීමට සිදුවෙනවා. නමුත් කඩිනමින් ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු කරන ලෙස සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා.‘‘

SendShareShare
Previous Post

නිමල් සිරිපාලලාගේ විජේදාස රාජපක්ෂලාගේ තනතුරු බෙදාගැනිල්ලට දයාසිරි ලොකු බාල්දියක් පෙරළයි! I Sri Lanka Latest News

Next Post

රිවස්ටන් එනවා තියා හිතන්නවත් එපා! පාරක් නෑ! වීඩියෝව බැලුවාම වෙලා තියෙන විනාශය ඇහින්ම දැකගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.