අද (13) සිට දින තුනක් ගම්පහ ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සියලුම කඩසාප්පු, සුපිරි වෙළෙදසැල් සහ බෙහෙත් ශාලා වසා තැබිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා (15) දක්වා මෙම වෙළදසැල් වසා තැබීමට නියමිතය.
පසුගිය දිනවල ඇදිරි නීතිය පනවා තිබුණද අදාළ ප්‍රදේශවල වෙළෙදසැල් විවෘත කර තැබීමට අවසර ලබා දී තිබිණ.










