අලව්ව පැරණි පාලමේ සිට මහ ඔයේ සැඩ පහරට පුද්ගලයන් පිරිසක් පනින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
එහිදී ඔවුන් කිහිපදෙනෙකු පාලමේ ආරක්ෂක යකඩ වැටේ සිට මෙලෙස සැඩ පහරට පනින අයුරු සඳහන් විය.
එම පුද්ගලයන් පිළිබඳව හෝ සිද්ධිය පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැති වුවද ප්‍රචණ්ඩ ජලය සමඟ ඔට්ටු වී ඔවුන් මහ ඔයේ ඉවුර වෙත පිහිනා යන අයුරු ද එම වීඩියෝවේ සටහන් ව තිබේ.
කෙසේ වෙතත් අයහපත් කාලගුණයෙන් මේ වනවිටත් ජීවිත රැසක් බිලි වී ඇති පසුබිමක තමන් විසින් ම තම ජීවිතය පරදුවට තැබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවකි.









