ගෑස් මාෆියාව සම්බන්ධයෙන් හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා විසින් එළියට දැමූ ලිපිලේඛනවල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නමද සදහන්ව ඇති බව දැනගන්නට තිබේ.
වත්මන් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ජාවක් තබමින් කෝටි 1000ක වංචාවක් සිදුව ඇති බව අනාවරණය කර සිටියේය.
ඉකුත් සභාපතිවරයාගේ කාලසීමාවේදී එය සිදුව ඇති බවද ඒ මහතා සදහන් කර සිටියේය.
ඒ අනුව ලිට්‍රො සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා විසින් වහාම පරීක්ෂණයක් කරන ලෙස ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබුණු අතර ඊට අදාළ ලිපිලේඛනද ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගෙන තිබිණ.
එම ලිපිලේඛනවලට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ නමද එම ලියකියවිලිවල සදහන්ව ඇති බව දැනගන්නට ඇත.









