සෞඛ්‍ය අමාත්‍යාංශය හා ධීවර සංස්ථාව ඇති කර ගනු ලැබූ ගිවිසුමට අනුව දිවයින පුරා මධ්‍යම රජයේ රෝහල්වලට සංස්ථාව දෛනිකව ලබා දිය යුතු රතු හා සුදු තලපත් මාළු සැපයීම පසුගිය මාස දෙකක කාලයක සිට අඩාළ වී තිබේ.
ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ මාළු සැපයුම්කරුවන්ට වසර ගණනාවක සිට රුපියල් කෝටි ගණනක මුදලක් සංස්ථාව නොගෙවා පැහැර හැරීම නිසා සංස්ථාවට මාළු ලබා දීම සැපයුම් කරුවන් ප්‍රතික්ෂේප කිරීම නිසාය.
උද්ගත වී ඇති තත්ත්වය අනුව දිවයින පුරා මධ්‍යම ආණ්ඩුවේ රෝහල්වල රෝගීන් හා රෝහල් බලධාරීන් දැඩි අපහසුතාවකට පත්වී තිබේ.










