කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් සිය පෞද්ගලික මුදලින් රුපියල් කෝටි 2ක් වැය කර හදිසියේම විශේෂ ගුවන් යානයක් ඩුබායි රාජ්‍යය බලා පිටත් කොට යවා ඇති බව දැනගන්නට තිබේ.
ජයවීර මහතා මෙසේ විශේෂ ගුවන් යානයක් ඩුබායි බලා යවා ඇත්තේ එරට සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 260 දෙනකු යළි ලංකාවට ගෙන්වා ගැනීමට බව වාර්තා වේ.
මෙම 260 දෙනාගෙන් 185 දෙනකු කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් බවත්, ඉතිරි 75 දෙනා අබුඩාබිහි සිරකදවුරක රදවා සිටි ලාංකිකයන් පිරිසක් බවත් දැනගන්නට තිබේ.
මෙම පිරිස මුල්කරගෙන පසුගිය කාලයේ අබුඩාබිහි විශාල ආන්දෝලනයක්ද මතුව තිබිණ.
කෙසේවෙතත් මෙසේ ලංකාවට ඒමට නොහැකිව ඩුබායි රටේ රැදී සිටින පිරිස පිළිබද වාර්තා වීමත් සමග ඒ සදහා වන සම්පූර්ණ වියදම දරා මෙම පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට දිලිත් ජයවීර මහතා සැලසුම් කොට ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා මුණ ගැසී ඊට අදාළ සම්පූර්ණ වියදම ලබා දී ඇති ජයවීර මහතා මෙම පිරිස කැදවාගෙන ඒමට විශේෂ ගුවන් යානයක් යැවීමට කටයුතු කොට තිබේ.











