කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා පාරේ පිහිටි ඉතා වටිනා ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට තීන්දු කිරීමත් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
මුත්තයියා පාරේ අක්කර දෙකහමාරකින් සමන්විත මෙම වටිනා ඉඩම 1995 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයට පවරා ඇති අතර එහි සිසුන් 550කට නේවාසික පහසුකම් ලබා දීම සදහා සිසු නේවාසිකාගාර පිහිටුවා තිබී ඇත.
කෙසේවෙතත් නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ අදාළ ඉඩම පවරා ගැනීමට අවසන් තීන්දුව ගෙන ඇති බවත්, සිසු නේවාසිකාගාර වෙනත් ස්ථානයක ඉදි කළ හැකි බවත්ය.










