කොළඹ ජාතික රෝහල, මුල්ලේරියාව හා අයි.ඩී.එච්. රෝහල්වලින් ඊයේ (28) වන විට සැකසහිත මරණ 06ක් වාර්තා වී ඇත.
ඒ අනුව මෙම පිරිස කොවිඩ් වෛරසය හේතුවෙන් මියගියා දැයි සෙවීමට පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර තිබේ.
ජාතික රෝහලේ දී මියගිය තිදෙනා රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවත්, අනෙක් තිදෙනා දැඩි සත්කාර ඒකකවලට යොමුකර පසුව මියගිය අය බවත් ඉහළ නිලධාරියෙක් පැවැසීය.
මියගිය අය අතර අවුරුදු 21ක තරුණයකුද සිටී.










