කොළඹ නගර සභාවේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මේ වනවිට එහි සියලුම දෙපාර්තමේන්තුවලට පුද්ගලයන් ඇතුලුවීම සහ පිටවීම අත්හිටුවා තිබේ.
කොළඹ නගර සභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් අංශයේ සේවකයකුට මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බව කියවේ.
මෙම ආසාදිත කාන්තාව ඊයේ දිනයේදී නගරාධිපතිනි රෝසි සේනානයක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇති මුදල් කමිටුවටද සහභාගී වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව මේ වනවිට සියලුම සේවකයන්ගේ පිසීආර් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කොට ඇති බවද දැනගන්නට ඇත.










