සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන 2020 මැයි මස 24 වන ඉරුදින සහ 25 වන සඳුදා දිනයන්හි දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්ක පිල කුමාරසිංහ මහතා නිවේදනය කර ඇත.
මෙම නියෝගය සෙසු ප්‍රදේශ වල පරිදිම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට ද බලපැවැත්වෙන බව සැලකිය යුතුවේ .
දැනට පවතින තත්ත්වය අනුව 2020 මැයි මස 26 වන අඟහරුවාදා දින විවෘත කිරීමට අවසර ලැබෙනුයේ 2020 මැයි මස 23 වන සෙනසුරාදා විවෘත කිරීමට අවසර දෙන ලද සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණි . ඒ අනුව කොළඹ හා ගම්පහ පරිපාලන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල වයින් ස්ටෝර්ස් බලපත්‍ර ( ර. බි. 04 ) හා බියර් හා වයින් බලපත්‍ර ( ර. බි. 22 A ) යන මත්පැන් පිටතට ගෙන ගොස් පරිභෝජනය සඳහා සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර විවෘත කිරීමට අවසර ලැබේ . කොළඹ හා ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයන් ඇතුළත පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයන්ට අදාල වයින් ස්ටෝර්ස් බලපත්‍ර ( ර. බි. 04 ) සහ බියර් හා වයින් බලපත්‍ර ( ර. බි. 22 A ) යන මත්පැන් පිටතට ගෙන ගොස් පරිභෝජනය සඳහා මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථාන වලට ද විවෘත කිරීමේ අවකාශය ලැබේ .
ඉහත කී සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ලත් ස්ථාන සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ සුරාබදු කොන්දේසි වලට අමතරව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් හා විධිවිධාන යටතේ පමණක් බව සැලකිය යුතුය .










