ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් අද දිනයේ බෙදා හැරීම ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව ඉන් ගෑස් සිලින්ඩර් 75,000 ක් නිකුත් කෙරෙන්නේ කොළඹින් බැහැර ප්‍රදේශ සඳහා බවයි එම සමාගමේ උසස් නිලධාරියෙකු පැවසුවේ.
ඒ යටතේ හැටන්, කොටගල සහ දික්ඔය යන නගරවල ජනතාවට ග්‍රාම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අද ගෑස් සිලින්ඩර් බෙදා හැර තිබෙනවා. ඒ අනුව කිලෝ 12 යි දශම 5 සහ කිලෝ 5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් 800 ක් එලෙස බෙදා දුන් බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.
මේ අතර අද දිනයේද ගෑස් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700 ක් රැගත් ඊයේ දිවයිනට ළගාවූ නෞකාවේ ගෑස් මේ වන විට ගොඩබා අවසන් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා.
ඉදිරියේදී තවත් ගෑස් අඩංගු නෞකා 06 ක් දිවයිනට ළඟාවීමට නියමිතයි. ඒ අනුව ගෑස් පෝලිම් ලබන අගෝස්තු මස මුල් සතිය පමණ වන විට අවසන් වනු ඇති බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.