කඩවත පැවැති සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටී ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතින් පයින් පහර දී තුවාල සිදු කර ඇගේ ජංගම දුරකථනය සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහබාගේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.









