අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි මහලේ රඳවා සිටි කොස්ගොඩ තාරක ඇතුළු නව දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිර මැදිරියක සිටි රැඳවූවකට කොරෝනා වයිරසය ආසාදනය වූ බව පසුගියදා තහවුරු වීමෙන් අනතුරුව රැඳවූවන් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ කිරීමේදී මෙම නවදෙනාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත.
ආසාදිතයන් කළුතර පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී සියලුම නිලධාරීන් සහ ඉතිරි රැඳවූවන් පීසීආර් පරීක්ෂණයන්ට යොමු කිරීමට නියමිතය.
මෙම පිරිසට වයිරසය ආසාදනය වී ඇත්තේ පොදු වැසිකිළිය භාවිත කිරීමෙන් බවට පොලිසිය සැක කරයි.