කොවිඩ් එන්නත හරහා ආණ්ඩුව විශාල ජාවාරමක් සිදුකරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
ඒ මහතාගේ ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් සහ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
දැනට ඩොලර් දෙකක් පමණ වන (රු.400 ක්) ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙන් හත් ගුණයක් පමණ මිල අධික වු සිනොෆාමා එන්නත මිලදී ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.
සිනොෆාමා එන්නතට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැත.
මේ නිසා එකී එන්නත අනුමත කිරීමට ඖෂධ නියාමන අධිකාරිය ප්‍රතික්ෂේප කිරීම නිසා කීර්තිධර විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඇතුළු පිරිසක් එයින් ඉවත් කර ඇත. එය ජනාධිපති නියෝගයක් බව ද කියැවේ.
ඒ වෙනුවට ධම්මික පැණිය කරලියට ගෙනා සිසිර සිරිබද්ධන පත්කර ඇති බව ද වාර්තා වේ.
මුහුණු ආවරණයෙන්, වෛරස් නාශක දියරයෙන්, PCR හා ඇන්ටිජන් කට්ටල මඟින් මෙන්ම නිරෝධායනයෙන්ද ප්‍රකෝටි ගණන් ගසා කෑ ආණ්ඩුව, කෝවිඩ් එන්නතින්ද ගසාකෑමට යන බව දැන් පැහැදිළිය.
මෙම සිනොෆාමා එන්නත බ්‍රසීලයේදී අසාර්ථක වූ එන්නතක් වන අතර මෑත කාලයේදී මෙයට සමාන ව්‍යාජ එන්නතක් ආනයනය කිරීමක් සම්බන්ධව චීනයෙන් වාර්තා වී තිබිණ.
කොවිඩ් එන්නත ජාවාරමක් කරගැනීමේ සූදානමක් ඇතැයි මීට ඉහතදී මා විසින් සිදු කරනු ලැබූ අනාවරණයක් පහතින් දැක්වේ.










