කොරෝනා රෝගය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීම සදහා අවසර ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත.
මෙතෙක් එම සිරුරු ආදාහනය කළ අතර මුස්ලිම් ජනතාව ආණ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මුස්ලිම් චාරිත්‍රානුකූලව එම සිරුරු භූමදානය කිරීම සදහා අවසර ලබා දෙන ලෙසයි.
කෙසේවෙතත් මේ වනවිට එම අවසරය ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිලෝන් තව්හිද් ජමාඅත් සංවිධානය ආණ්ඩුව වෙත සිය අනන්ත ස්තූතියද පළ කොට ඇත.











