නව කොරෝනා වෛරසය සමාජ තුළ ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින හෙයින් ගමන් බිමන් සීමා කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය.
මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ තත්ත්වය සමග එහි සිට නිවාඩු ලබා ගොස් සිටි සේවකයින් පාසැල්වලට, රැස්වීම් ඇතුළුව විවිධ ස්ථානවලට ගොස් තිබීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ මෙහෙයුම වැඩිවී ඇති බවද හෙතෙම කීය.
ආසාදිත පුද්ගලයෙකු ගෙන් වෛරසය සමාජ ගතවීම පහසුවෙන්ම සිදුවිය හැකි බවත් මේ දක්වා සමාජයට ව්‍යාප්ත වූ කොරෝනා රෝගීන් දිවයිනේ වාර්තා වන්නේ රාජාංගනය ඇතුළුව ප්‍රදේශ 06 කින් බවද ඔහු සදහන් කළේය.










