මේ වනවිට ලෝකය පුරා පැතිර යන කොරෝනා ප්‍රබේදයන්ගෙන් වර්ග 6ක් ලංකාවට ඇතුලු වී ඇති බව දැනට සිදු කර ඇති පරීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.
ඒ අනුව ඩෙන්මාර්ක්-මැදපෙරදිග සහ යුරෝපයේ පැතිර යන ප්‍රබේදය, නයිජීරීයානු ප්‍රබේදය, ඉන්දියානු ප්‍රබේදය, දකුණු අප්‍රිකානු ප්‍රබේදය, ශ්‍රී ලංකා ප්‍රබේදය සහ බ්‍රිතාන්‍ය-කෙන්ට් ප්‍රබේදය එම ප්‍රබේද 6 ලෙස හදුනාගෙන ඇත.
මෙහිදී ඩෙන්මාර්ක්-මැදපෙරදිග සහ යුරෝපයේ පැතිර යන ප්‍රබේදය යාපනයෙන් හදුනාගෙන ඇත.
නයිජීරීයානු ප්‍රබේදයේ රෝගීන් බණ්ඩාරගමින් සහ කොළඹින් හමුවී තිබේ.
ඉන්දියානු ප්‍රබේදයේ රෝගියකු නවලෝක රෝහලෙන් හමුවී ඇත.
දකුණු අප්‍රිකානු ප්‍රබේදයේ රෝගියකුද නවලෝක රෝහලෙන් හමුව ඇත.
ශ්‍රී ලංකා ප්‍රබේදයේ රෝගීන් කොළඹින් සහ මඩකලපුවෙන් හමුව ඇත.
බ්‍රිතාන්‍ය-කෙන්ට් ප්‍රබේදය කොළඹ, කුරුණෑගල, කළුතර, නුවර, පොලොන්නරුව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලින් හමුවී තිබේ.