දැනට රටවල් කිහිපයක් විසින් නිපදවා ඇතැයි කියන කිසිදු කොරෝනා එන්නතක් ලංකාවට ගෙන්වා ගැනීම කෙරෙහි කිසිදු තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් මේ බව ඊයේ (16) දින අනාවරණය කර සිටියාය.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තවම මෙම කිසිදු එන්නතක් සදහා අනුමැතිය ලබා දී නොමැති බවද ඇය සදහන් කර සිටියාය.










