• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා අස්සේ වරාය ඉන්දියාවට පැවරීම ගැන වෘත්තීය සමිති ජනපතිගෙන් ප්‍රශ්න කර ලියුමක් යවයි

November 5, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
කොරෝනා අස්සේ වරාය ඉන්දියාවට පැවරීම ගැන වෘත්තීය සමිති ජනපතිගෙන් ප්‍රශ්න කර ලියුමක් යවයි

????????????????????????????????????

Share on WhatsAppShare on Facebook

වෘත්තීය සමිති හා අග‍්‍රාමාත්‍යතුමා අතර ඇතිකරගත් එකඟතා බිඳදමා නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානම සම්බන්ධව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ජී නිරෝෂන් මහතා විසින් සියලු ජනමාධ්‍ය වෙත පිටපත් ද සහිතව නිකුත් කර ඇති එම ලිපිය මෙසේය.

ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

වෘත්තීය සමිති හා අග‍්‍රාමාත්‍යතුමා අතර ඇතිකරගත් එකඟතා බිඳදමා නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානම සම්බන්ධවයි.

01. 2020. 11. 01 දින Sunday Times පුවත්පත විසින් “India to manage ECT Operations at the colombo port” යන ශීර්ෂ පාඨය යටතේ වාර්තා කරන ලද පුවත මගින් හා එදිනම සිරස රූපවාහිනී නාලිකාව රාත්‍රී 10.00 ප‍්‍රවෘත්ති තුළින් ගෙන එන ලද ඉහත කී පුවතට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව වාර්තා කර ඇත.

02. එම මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා රජය ප‍්‍රතික්ෂේප කර නැත. ගෙවී ගිය කාලය තුළ ඔබතුමාගේ රජය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තිය මගිනුත් පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ මහජනතාව මෙන්ම වරාය සේවකයා රැවටීමටද ඔබතුමා ඉතා සූරයෙකු බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පැවති ඔබට පූර්වයෙන් පත්වූ රජයන් විසින් පුද්ගලික සමාගම් අතට පවරන ලද වරාය සම්පත් රාශියකි. ඒ අනුව ත්‍රීකුණාමල වරායේ එක් ජැටියක් ප‍්‍රීමා සමාගමටත්, විජයකුමාර පාලමේ කොටසක් සෙරම්ඩිප් සමාගමටත්, කොළඹ වරායේ රැජින ජැටිය SAGT සමාගම වෙතත් චන්ද්‍රිකා රජය විසින් පවරා දී ඇත. මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලනය තුළ විශාල ලෙස ආදායම් උපයන ලද නැව් තෙල් අංශය ජෝන් කීල්ස් සමාගම වෙතත්, දකුණු කොළඹ වරායේ දකුණු කොටස චීනයටත් පවරා දෙනු ලැබිණි. රනිල් වික‍්‍රමසිංහ පාලනය විසින් ත්‍රීකුණාමල වරායේ එක් ජැටියක් මිට්ෂුයි සමාගමටත්, හම්බන්තොට වරාය මුළුමනින්ම චීනයටත් පවරා දී ඇත.

පසුගිය රජයන් විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් එකින් එක දෙස් විදෙස් සමාගම් වෙත පැවරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්වූ ආර්ථික වාසියක් නැත.

එවන් පසුබිමක පූර්ව රජයන් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ගමන් මගේම ඉදිරි දිගුවක් බවට ඔබ රජයද පත්ව ඇත.

03. පූර්ව රජයන් වරාය දේපළ පුද්ගලීකරණය කරන විට ඒවා වරාය සේවකයාටත් මහජනතාවටත් යම් මට්ටමකින් හෝ වාර්තා වීමක් සිදුවිය. එහෙත් නැගෙනහිර පර්යන්තය සම්බන්ධව ඔබ රජය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ගුප්ත එකකි.

04. ඔබතුමාගේ රජය නැගෙනහිර පර්යන්තය රහසිගතව ඉන්දියාවට පැවරීම සඳහා 2020 ජූනි මස 09 දින විෂය භාර අමාත්‍යවරයා මගින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. එම කැබිනට් පත්‍රිකාව පිටතට පැමිණීමත්, වෘත්තීය සමිති දැඩි විරෝධයත් හමුවේ එම කැබිනට් පත්‍රිකාව අසත්‍ය එකක් බව ප‍්‍රකාශ කරමින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමේ වැඩපිළිවෙළ තාවකාලිකව යටපත් කරගනු ලැබිණි.

05. පසුගිය රජය විසින් ජයබහාලූ අදියර V සඳහා ගෙන්වන ලද ග‍්‍රැන්ටි දොඹකර තුනක් 2020. 06. 20 වන දින කොළඹ වරායට ළඟා වූ අතර වරාය අධිකාරියේ නිවැරදි තීරණයකට අනුව දොඹකර තුන නැගෙනහිර පර්යන්තය තුළ ස්ථාපිත කර කඩිනමින් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබූවත් ඔබ රජය ඉන්දියානු බලපෑමට යටවී දොඹකර ගොඩබෑමේ කටයුතුවලට බාධා කරනු ලැබිණි.

දොඹකර නැගෙනහිර පර්යන්තය වෙත ගොඩබා ගැනීම වෙනුවෙන් වරාය වෘත්තීය සමිති හා සමස්ත වරාය සේවකයින් අඛණ්ඩ අරගලයක නිරත වූ අතර අවසානයේ විශාල ආර්ථික පාඩුවක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට එමගින් සිදුවිය.

06. එසේ ගොඩබාන ලද දොඹකර යොදා ගනිමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම කිසිදු සාධාරණ හේතුවකින් තොරව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ප‍්‍රමාද කරනු ලැබුණි. එහෙත් පූර්ව දැනුම්දීමකින් තොරව හදිස්සියේ 2020. 08. 16 දින AS CRISTIANA නැමති නෞකාව නැගෙනහිර පර්යන්තයට සේන්දුකර මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවට වාර්තා වුවත් එම කටයුතු එදින සිදු නොවුණි. හේතුව ලෙස වරාය ගරු සභාපතිතුමා වෘත්තීය සමිතිවලට ප‍්‍රකාශ කරනු ලැබුවේ වෘත්තීය සමිති විසින් සමාජ මාධ්‍ය යොදාගෙන එම කටයුත්ත පූර්වයෙන් ප‍්‍රචාරය කිරීම නිසා ගැටලු පැනනැගිය හැකි බැවින් යොදාගත් දිනට මෙහෙයුම් ආරම්භ කිරීම අවලංගු කළ බවයි.

07. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ක්‍රිරයාවලිය ආරම්භ කිරීම දිගින් දිගටම පැවති ප‍්‍රමාදය නිමාවට පත්කරමින් 2020. 11. 22 දින කිසිදු පූර්ව ප‍්‍රචාරක කටයුත්තකින් තොරව ගරු විෂයභාර අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් MSC EMMA නැමති නෞකාව නැගෙනහිර පර්යන්තයට සේන්දු කර මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබිණි.

2020. 11. 22 දිනය ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, රටේ මහජනතාවටත් විශේෂ දවසක් වනවිට මහජනතාව තුළ දැඩි විරෝධයක් පැවති ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයත් එදිනම සිදුවිය. රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීමෙන් පසුව සාකච්ඡා වූ කරුණු දෙපාර්ශවය විසින්ම රටට අනාවරණය නොකිරිණි.

08. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ වනවිට විශාල නෞකා 05ක් මෙහෙයවා ඇත. පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා සමගි බහාලූ පර්යන්තය වසා දමා එහි පැවති බහාලූම් උපකරණ නැගෙනහිර පර්යන්තය වෙත රැගෙන යාම පසුගිය දින කීපය තුළම සිදු කරනු ලැබිණි. තම රැකියාවල සුරක්ෂිතතාවත්, රටේ අනාගතයත්, විශේෂයෙන්ම වරාය අධිකාරියේ පැවැත්ම වෙනුවෙනුත් ඔබතුමාගේ රජය ගනු ලැබූ නිවැරදි ප‍්‍රවේශය සම්බන්ධව වරාය සේවකයාට ඇත්තේ ප‍්‍රසාදයකි.

ගරු ජනාධිපතිතුමනි, කරුණු එසේ වුවත් ඉහතින් සඳහන් කරන ලද අංක 04 සිට 08 දක්වා වූ කරුණු එකිනෙකට සම්බන්ධ හා කිසියම් පෙළගැස්මකට අනුව දියත් වන සිදුවීම් පෙළක් බව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේදී පෙනෙන්නට ඇත. වෘත්තීය සමිතිවලට හා සේවකයින්ට නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමට සටන් කිරීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ පැනනැගී නැත. හේතුව සියල්ල හොඳින් සිදුවන නිසාවෙනි.

එහෙත් ඇත්ත එය නොවන බව අප ඉතා හොඳින් දනිමු. කොරෝනා නීතිවලට අනුව මහජන ඒකරාශිවීම් තහනම්ය. සේවකයින් සේවයට කැඳවනු ලබන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණි. මෙවැනි පසුබිමක නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීම ඔබ රජයේ උපායමාර්ගය බව අප විශ්වාස කරමු.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම සම්බන්ධව පසුගිය පළමුවැනිදා පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය නම් ඒවා වහ වහා නිවැරදි කිරීමේ වගකීම ඔබ රජය සතු කාර්යයකි. එසේම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිදු රටකට, සමාගමකට නොපවරන බවට වූ සහතිකය රටට ලබා දීමේ වගකීම පැවරී ඇත්තේ ඔබතුමාට බව අප විශ්වාස කරමු.

අඳුරේ අතපත ගාමින් වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස රැවටීමට අප සූදානම් නැත. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවැත්මට හා 10000ක පමණ වරාය සේවකයින්ගේ රැකියා සුරක්ෂිත භාවය වෙනුවෙන් සියලූ වෘත්තීය සමිති එක මිටකට ගොනුවී ඇත. නැගෙනහිර පර්යන්තයේ ආරක්ෂාව වෙනුවෙන් එම ශක්තිය නැවත උරගා බැලීමකට ඉඩ නොතබා නැගෙනහිර පර්යන්තයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ඔබතුමාගේ රජය කඩිනමින් ස්ථීර තීරණයකට එනු ඇතැයි අප අපේක්ෂා කර සිටිමු.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
ජී. නිරෝෂන්
නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම්,
සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය.

SendShareShare
Previous Post

ගුවන් විදුලියේ 4කට කොරෝනා: අධ්‍යක්ෂ ජනරාල් ස්වයං නිරෝධායනයේ

Next Post

මධ්‍යම තැපැල් හුවමාරුව වහයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.