දැවැන්ත චීන ටයර් සමාගමක් වන ‘ෂැන්ඩොන්ග් හෑඔයා’ සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සදහා ගිවිසුම් අස්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම ආයෝජනයේ වටිනාකම ඩොලර් මිලියන 300ක් බව වාර්තා වේ.
හම්බන්තොට අක්කර 121ක භූමිභාගයක ඉදිකිරීමට නියමිත ආයෝජන කලාපයෙහි පිහිටුවීමට නියමිත මෙම කර්මාන්ත ශාලාව හරහා රැකියා 2000ක් පමණ නිර්මාණය වනු ඇති බව දැනගන්නට ඇත.
මෙම ආයතනය මගින් බස්, ලොරි සහ කාර් රථ සදහා අවශ්‍ය ටයර් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර හම්බන්තොට වරාය හරහා ඒවා අපනයනය කිරීමටද සැලසුම් කර ඇත.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම ගිවිසුම අස්සන් තබන අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙන්ම චීන නව තානාපතිවරයාද සහභාගීව සිටියහ.










