ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැති රාත්‍රී සාදයකදී ට්‍රැක්ටර් රෝදයක් හිසට වැටුණේ යැයි කියන සිද්ධියකට රෝහල් ගත කළ සිසුවාගේ සිරුරේ දකුණු ප්‍රදේශය වාරු නොමැති බව වාර්තා වේ.
මේ වනවිටත් එම සිසුවා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
හිසට වැදුණු පහරින් ඔහුගේ මොළයෙහි රුධිර කැටියක් සිරවී තිබීම හේතුවෙන් එම සිසුවාගේ දකුණු අත සහ කකුල තවමත් වාරු නැති බවද දැනගන්නට ඇත.










