ඹලිම්පික් ධාවන ශූර උසේන් බෝල්ට් හට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත.
මීට දින කිහිපයකට ඉහතදී සිය 34 වන උපන්දින සැමරුම බෝල්ට් විසින් පවත්වා ඇති අතර ඊට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් පවා සහභාගී වී ඇති බව සදහන්ය.
ඉන්පසුව බෝල්ට් පීසීආර් පරීක්ෂණයකට සහභාගීව ඇති අතර එහිදී ඔහුට රෝගය වැලදී ඇති බව තහවුරු වී තිබේ.
මේ වනවිට බෝල්ට් නිරෝධයන කටයුතු ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.










