කොරෝනා තුන්වන රැල්ල මැයි මාසයේ බලාපොරොත්තු විය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා ඇත.
මේ වනවිට මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අලුත් අවුරුදු සමයේ කටයුතු කරන බවත්, මේ හරහා තවත් කොරෝනා රැල්ලක් මතුවීම වැළැක්විය නොහැකි බවත් එම සංගමයය පෙන්වා දෙයි.
එමෙන්ම මේවනවිට ජනතාව අතර කොරෝනා රෝගයට ඇති බිය යටපත්ව ගොස් තිබීම කනගාටුවට කරුණක් බවද එම සංගමය පෙන්වා දෙයි.










