ආණ්ඩුවට හෝ මැතිවරණ කොමිසමට ඡන්ද කල්දැමීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකදීම තීන්දු ලබා දී ඇති බවත්, මැතිවරණ කොමිසම සිටින්නේ ඡන්ද පැවැත්වීමට මිස ඡන්දය කල් දැමීමට නොවන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය තමන්ට ලැබී ඇති බවත් ඒ අනුව දෙසැම්බර් 6 සහ ජනවාරි 9 යන කාලය ඇතුළත ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත්ය.
කෙසේ වෙතත්, නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති මතය මාධ්‍යයට හෝ වෙනත් පාර්ශවයකට හෙළි කළ නොහැකි බවත්, 2023 මාර්තු 19 වනදා වන විට පළාත් පාලන මැතිවරණය පවත්වා පළාත් පාලන ආයතන 340 පිහිටුවීමට නීතිමය බාධාවක් නොමැති බවත් ඔහු පැවසීය.
‘රජයට සහ මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කළ නොහැකි නමුත් නීත්‍යානුකූලව නියමිත දිනට වඩා කලින් මැතිවරණයකට යා හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවකදීම තීන්දු කර තිබෙනවා,” පුංචිහේවා මහතා අවධාරණය කළේය.
2022 අතුරු අයවැයෙන් රුපියල් බිලියන 10 ක මුදලක් මැතිවරණ පැවැත්වීම සදහා වෙන් කොට ඇති බවද ඒ මහතා කියා සිටියේය.
2023 මාර්තු 19 වනදා වන විට පළාත් පාලන ආයතන 340 ම පිහිටුවීමට අවශ්‍ය පරිසරය සකස් කරන බවටත්, නොවැම්බර් 15 වැනි දින පැවති සාකච්ඡාවකදී පුංචිහේවා මහතා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට පළාත් පාලන මැතිවරණය නියමිත වේලාවට පවත්වන බවටත් සහතිකයක් ලබා දීමට පියවර ගෙන තිබිණ.
ඊට අදාළ ගැසට් නිවේදනය 2023 දෙසැම්බර් 6 සහ ජනවාරි 9 අතර කාලය තුළ නිකුත් කරන බවට ද ඔහු ඔවුන්ට පොරොන්දු විය.