අගෝස්තු 05 වැනි දින පැවැත්වෙන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා විදෙස් නිරීක්ෂකයන්ට ආරාධනා නොකිරීමට මැතිවරණ කොමිසම තීන්දු කළද එය නොතකා මැතිවරණ නිරීක්ෂණය සදහා පැමිණීමට විදෙස් නිරීක්ෂකයන් තීරණය කොට ඇත.
දැනටමත් විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවද වාර්තා වේ.
ඊට අවසර ලබා දීමටද මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බව වාර්තා වේ.










