මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට එරෙහිව පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිසමේ සාමාජික මහින්ද දේශප්‍රිය මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
හූල් මහතා උතුරේ දමිළ මාධ්‍යයකට පොහොට්ටුවට ජන්දය දෙන්න එපා යැයි හැගවෙන ප්‍රකාශයක් කර ඇති බවත්, ඊට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසත් පොහොට්ටුව සිය පැමිණිල්ල මගින් සදහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සොයාබැලීමක් කිරීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.