ගැබිනි මව්වරුන්, කුඩා දරුවන් සමඟ කුවේට්හි සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මව්බිමට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
තමන් දැනට දින 20ක් තිස්සේ මෙම ස්ථානයේ සිරවී සිටින බවත්, කුවේට්හි පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙක් අද වන තුරු මෙම ස්ථායට පැමිණ තමන් පිළිබදව සොයා නොබැලූ බවත් එම පිරිස චෝදනා කර සිටිති.
එමෙන්ම මෙම පිරිස නිරෝගී තත්ත්වයෙන් සිටින බවත්, ඉතා ඉක්මනින් මෙම පිරිස යළි ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ඔවුහු ජනාධිපතිවරයගෙන් ඉල්ලා සිටිති.










