• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුමාර්ගේ ‘මහජන කවුන්සිලයට’ පාර්ලිමේන්තුව ජන සතු කළ හැකිද?

July 16, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
සැබෑ විප්ලවකාරී නායකයා එළියට එයි! (Video)
Share on WhatsAppShare on Facebook

ජනතා අරගලයේ නියෝජිතයන්ට පාලනයට නීත්‍යානුකූලව බලපෑම් කළ හැකි ‘මහජන කවුන්සිලයක්’ ස්ථාපිත කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් යෝජනා කරයි.

එම යෝජනාව ‘ගාලු මුවදොර අරගලකරුවෝ’ ජූලි 5 වනදා නිකුත් කළ ප්‍රකාශය මගින් ද ඉදිරිපත් කළහ.

ආචාර්ය ගාමිණී කීරවැල්ල ෆේස්බුක් සටහනක් තබමින් කියන්නේ රටේ දැන් බල කේන්ද්‍ර දෙකක් ඇති බවත්, එකක් පාර්ලිමේන්තුව වෙද්දී අනෙක අරගලය විසින් ඉදිරියට ගෙන ආ ගෝටා ගෝ ගම අවකාශය බවත් ය. ඒ දෙක අතර ගනුදෙනුව අන්තර් කාලීන පාලනය තුළ වැදගත් වන බවත් ඔහු කියයි.

ආණ්ඩු කරන හැටි පාලනය කිරීම පුරවැසියාට කළ හැක්කේ කෙසේද? සහ කුමන ප්‍රමාණයකට ද? යන ප්‍රශ්න කුමාර් ගේ ‘මහජන කවුන්සිල’ යෝජනාව මගින් ‘සම්මත ප්‍රජාතන්ත්‍රවාදය’ හුරු පුරුදු ශ්‍රී ලාංකික පුරවැසියාගේ සිත් තුළ මතු කරවයි.

සාමාන්‍යයෙන් සම්මත ප්‍රජාතන්ත්‍රවාදය මගින් මැතිවරණ හරහා ආණ්ඩු කරන ආකාරයේ මූලික වෙනසක් ඇති කිරීමට අවුරුදු පහකට හෝ හයකට සැරයක් පුරවැසියාට පුළුවන. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදයේ සම්මත බල ආයතන හරහා ආණ්ඩුවේ බලාධිකාරය මෙල්ල කිරීමට ද පුරවැසියාට පුළුවන. එහෙත්, කුමාර් යෝජනා කරන්නේ එවැනි දුරස්ථ සහ අවස්ථාත්මක පාලනයක් නොව, සමීප සහ අඛණ්ඩ පාලන බලයක් ‘මහජන කවුන්සිලයක්’ හරහා පුරවැසියාට ලබා දීමටයි.

බැලූ බැල්මට කුමාර් ගේ යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන යාන්ත්‍රණයක් බවට ද කරුණු දැක්විය හැකිය. අනෙක් අතට එය, සම්මත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මගින් නියෝජිතයන් හරහා ක්‍රියාත්මක කරන ජනතා පරමාධිපත්‍ය බලය ‘මහජන යැයි කියා ගන්නා කවුන්සිලයකට’ හෑල්ලු කිරීමක් ලෙසට ද කරුණු දැක්විය හැකිය.

කුමාර් ගේ යෝජනාව මගින් මතු වන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කිරීම ගැන මෙම සංවාදය ‘නෑසු කන්ව’ ගණනකට නොගත යුත්තක් නොවන බව මාගේ අදහසයි; ‘අරගලය’ සහ ඒ හරහා මතු වුණ ‘දෙවැනි බල කේන්ද්‍රය’ නිර්මාණය කෙරුණේ පවත්නා තත්ත්වය විසින් වුවද, සහ එය තත්ත්වය වෙනස් වීමෙන් දුර්වල වී යා හැකි වුවද, ආණ්ඩුව ජනතා මතයෙන් ඈතට යන විට ඉදිරියේදී ද ‘අරගලය’ හරහා දෙවැනි බල කේන්ද්‍රයක් මතු වීමට පුළුවන. එබැවින්, ජනතා නියෝජිතයන් සිය නිල කාලය පුරා ජනතා මතය තුළ සාර්ථකව රඳවා තබා ගැනීම දේශපාලන සහ ආර්ථික අර්බුදයක් හරහා ගමන් කරන ශ්‍රී ලංකාවට සුබදායී වනු ඇත.

එහෙත්, මතු වන ප්‍රශ්නය වන්නේ එකී ‘මහජන කවුන්සිලය’ මගින් ‘ජන මතය’ හෝ ජනතාවගේ ‘පොදු කැමැත්ත’ පිළිඹිබු වන්නේ කෙසේද කියායි. ශ්‍රී ලංකාවේ ඇත්තේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය යි. එයින් සරලව අදහස් වන්නේ බහුතරයේ මතය අනුව එයට විරුද්ධ සුලුතර මතධාරීන්වද පාලනය කිරීමට ආණ්ඩුවට බලය ලබා දෙන බවයි. එහෙත්, බහුතරය විසින් සුලුතරය සිය මතයට විරුද්ධව පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවේ. එසේ කල්පනා කළහොත්, ශ්‍රී ලංකාවේ සම්මත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදීම නොවේ. ‘අරගලයට’ පාර කැපුණේද සම්මත ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ජන මතයෙන් ඈතට යෑම නිසාය. එසේ නම්, කුමාර් ගේ ‘මහජන කවුන්සිලය’ තුළ සැබෑ ජන මතය පිළිඹිබු කරවීමේ විශාල අභියෝගය කවුන්සිල නියෝජිතයන් පත් කරන පදනම තෝරා ගැනීමේ අවස්ථාවේ සිට මතු වේ. කුමාර් එම පදනම ‘මහජන කවුන්සිලය ‘ට අදාලව පැහැදිලි කළ යුතුය.

අන්තර් කාලීන ආණ්ඩුවට හරි පාර පෙන්වීම සඳහා ස්වාධීන උපදේශක කවුන්සිලයක් පිහිටුවිය යුතු බව අරගලයේ කොටස්කරුවෙකු වූ නීතීඥ සංගමය සිය යෝජනා මාලාවේ දක්වන අතර, නියෝජිතයන් තේරීම වෘත්තීමය, වාණිජ, සහ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් අතරින් සිදු කළ යුතු බව දක්වයි. එය එක් පදනමකි. අරගලය තුළ ජවිපෙ සහ පෙරටුගාමී ඇතුළු දේශපාලන කණ්ඩායම් ද ගොනු විය. ඊට අමතරව කතෝලික, සහ බෞද්ධයන් ඇතුලු ආගමික පූජකයන් ද අරගලයේ ඉදිරියෙන් සිටි කොටස්කරුවන් විය.

ඒ අනුව, අරගලය හරහා ජනමතය පිළිඹිබු වන මහජන කවුන්සිලයක් තෝරා ගැනීමේ අභියෝගය සරල නොවන බව තේරුම් යා යුතුය. අනෙක් අතට මහජන කවුන්සිලය ව්‍යවස්ථානුකූල ආයතනයක් බවට පත් කිරීමට ද කුමාර් යෝජනා කරයි. එසේ මහජන කවුන්සිලය ව්‍යවස්ථාව හරහා ස්ථීර ලෙස පිහිටුවා ගන්නවා නම්, ආගමික නියෝජනය වැනි සංස්කෘතික අනන්‍යතා මත පදනම් වූ නියෝජනයන්ට ඉඩ කඩ සලසනවාද යන්න ගැඹුරට සිතිය යුතු කාරණාවකි.

එයට හේතුව, ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම වැනි තීරණාත්මක ප්‍රශ්න වලදී අනෙකුත් සංස්කෘතික නොවන අනන්‍යතා සහ බහුතරයන් යට කර ගනිමින්, ජාතිය සහ ආගම මත පදනම් වූ සංස්කෘතික අනන්‍යතා මත පදනම්ව කවුන්සිලයේ බහුතර මතය නිර්මාණය විය හැකි වීමයි. උදාහරණයක් ලෙස, ආගම අනුව තව දුරටත් පාසල් වර්ග කළ යුතුද? සෙසු අනන්‍යතා යටපත් කරමින් ජාතිය වැනි අනන්‍යතාවක් පමණක් පදනම් කරගෙන දේශපාලන බලය බෙදිය යුතුද? වැනි ප්‍රශ්න වලදී, එකී අනන්‍යතාවන් සමඟ ඈඳුණු භාවාත්මක ආවේග සහ ඒක පාක්ෂික වීමේ ස්වාභාවික නැඹුරුව නිසා කවුන්සිලයේ වෘත්තීමය, වාණිජ, සිවිල් සමාජ නියෝජිතයන් පවා තමන් නියෝජනය කරන කණ්ඩායම් වල බහුතර මතය වෙනුවට, තමන් කැමති ආගමික කණ්ඩායමේ මතයට හෝ ජාතියට බර වෙමින් කවුන්සිලය තුළ ‘ජන මතය’ ප්‍රකාශ කිරීමට හැකිය.

සමාජයක ඇත්තේ එකම බහුතර කැමැත්තක් නොවේ: පුරවැසියා ‘බහු බහුතර’ (multiple majorities) තෝරා ගැනීම් වලින් යුක්තය. එහෙත්, එකී එක් එක් බහුතරයන් එකට එකතු කළද, ‘පොදු කැමැත්තක්’ නිර්මාණය කර ගත නොහැක; එනිසාම, මහජන කවුන්සිලයට බලාපොරොත්තු වන ආකාරයට මහජනතාවගේ ‘පොදු කැමැත්ත’ නිර්මාණය කර ගත හැකිද?

කවුන්සිලයෙ අදහස මගින් එකී ‘පොදු කැමැත්ත’ පිළිඹිබු නොවනවා නම්, කුමාර් ගුණරත්නම් යෝජනා කරන ‘මහජන කවුන්සිලය’ පුස්සක් බවට පත් විය හැක. එවැනි කවුන්සිලයක් නිර්මාණය කරනවාට වඩා, නිකම් සිටීම හොඳය.

එවිට මතුවන ප්‍රශ්න වන්නේ, පීඩාකාරී ආණ්ඩුවක් මෙල්ල කිරීම තවත් ඡන්දයක් එනතුරු සිටීමෙන් හෝ තිබෙන ආයතනික රාමුවට සීමා වීමෙන් පමණක් සිදු කළ යුතුද? එසේ නොමැතිව, ආණ්ඩුවක් මෙල්ල කළ හැකි ආයතනයක් හෝ ආයතනමය රාමුවක් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ගොඩ නැගිය නොහැකිද? යන්නයි.

එම ප්‍රශ්න විසඳා ගත හොත් ඊළඟට පැන නඟින ප්‍රශ්න වන්නේ, එකී ‘පොදු කැමැත්ත’ නියෝජනය කරන, ආණ්ඩුවට සමගාමී කවුන්සිලයකට ආණ්ඩුවක් මෙල්ල කිරීමට ලබා දෙන දම්වැල දිග එකක්ද? නැත්නම්, කොට එකක්ද? දම්වැල අවස්ථානොචිතව යොදා ගන්නක්ද? නැතිනම්, කුමාර් යෝජනා කරන්නාක් මෙන් අඛණ්ඩව ගැට ගසා ඇති දම්වැලක් ද? යන ඒවායි.

මෙකී ප්‍රශ්න වලට සාර්ථක සහ පිළිගත හැකි විසඳුමක් කුමාර් ගුණරත්නම් ඉදිරිපත් කළ යුතුය. එසේ කියන්නේ, කුමාර්ගේ අදහස ‘ප්‍රායෝගික නෑ’ කියන්නට නොව, එවැනි ආයතනයක් හෝ ආයතනමය රාමුවක් ව්‍යවස්ථානුකූලව නිර්මාණය කර ගත හැකි නම්, එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහ-පැවැත්මට මෙන්ම, දේශපාලන සහ ආර්ථික අර්බුදය මැදින් සාර්ථකව ගමන් කිරීමට රටට උපකාර වන බැවිනි.

දේශපාලන විද්‍යාර්ථීන් මේ වන විටත් මෙවැනි ආකාරයේ ආණ්ඩු පාලනයක් බහු බහුතරයන් මත පදනම්ව ගොඩ නගා ගැනීමට ආයතනමය රාමු යෝජනා කර ඇත. ඒ අතර, සමාජ තේරීම පිළිබඳ න්‍යාය ( social choice theory ) මත පදනම්ව, ආචාර්ය ෂාන් ඉන්ග්හම් විසින් 2018 දී ආයතනමය රාමුවක් ‘බහු බහුතරයන්’ මගින් පාලනය ගෙන යාම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත. ඊට අමතරව, ආචාර්ය ඩොනල්ඩ් රොත්චයිල්ඩ් සහ ආචාර්ය ෆිලිප් ජී. රෝඩර් විසින් 2005 දී ප්‍රජාතන්ත්‍රවාදය සහ කල් පවත්නා සාමයක් ගොඩ නගා ගැනීම සඳහා ජාතිය හෝ ආගම වැනි අනන්‍යතා මත බෙදුණු සමාජයන් වලට ‘බලය බෙදා ගැනීමේ’ විසඳුමට වෙනස් සහ එහි දුර්වලතා මග හරවා ගත්, ‘බහු බහුතරයන්’ මත පදනම් වූ ආයතනමය රාමුවක් යෝජනා කර ඇත. දේශපාලන විද්‍යාර්ථීන්ගේ අදහස් සහ ඔවුන් යෝජනා කරන මූලධර්ම පදනම් කර ගනිමින් අපට ගැලපෙන ක්‍රමයක් අප සකස් කර ගත යුතුය.

එය කළ නොහැකි නම්, කුමාර් ගුණරත්නගේ ‘මහජන කවුන්සිලය’ දේශපාලන රොමෑන්ටික් අදහසක් පමණක්ම වනු ඇත.

දිනේෂ් දොඩම්ගොඩ

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව රැස්වෙයි! ජනපති ධූරය පුරප්පාඩුයි! මහලේකම් ‌ගෝඨාගේ ඉල්ලා අස්වීම කියවයි! (VIDEO)

Next Post

රනිල්ට එරෙහිව රට පුරා විරෝධතා ඇරඹේ! ගාල්ලේ මිනිස්සු ඉස්සෙල්ලාම පාරට බහී! සෙරෙප්පුවලිනුත් ගහයි! (VIDEO)

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.