ශ්‍රි ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු ලෙසත්, පරිපාලන හා කළමනාකරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨයෙක් මෙන්ම විශේෂඥ දැනුමක් ලැබූවකු ලෙසත් ප්‍රකට ජිනසිරි දඩල්ලගේ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
සමගි ජන බලවේගයේ පර්‍යේෂන සහ සංවර්ධන ඒකකයේ, රාජ්‍ය සේවක සබදතා අංශයේ සුවිශේෂී කාර්‍යභාරයක් ද, ප්‍රතිපත්ති සැලසුම් අංශයේ වගකීමක් ද ඒ මහතාට පැවරේ.
රාජ්‍ය සේවයේ වසර 35කට අධික කාලයක් සේවය කළ ඒ මහතා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙසද කටයුතු කර ඇති අතර විශ්‍රාම යාමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා උපදේශක ලෙසද කටයුතු කරනු ලැබූ අත්දැකීම් බහුල වෘත්තියවේදීයෙකි.
ග්‍රන්ථ කතුවරයෙකු ලෙස ඒ මහතා විසින් රචිත ‘ඒවා මෙහේ බෑ මචං’ ප්‍රතිපත්ති අත්දැකීම් විචාර ග්‍රන්ථය මහත් ඇගයීමට ලක්විය.