කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන 5ක් සඳහා තාවකාලිකව සංචරණ සීමා පැනවූ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊරියගොල්ල, ඇඹුල්අඹේ, පිංහේන, අලවත්ත, බොරළුව යන ගම්මාන 5 සඳහා එලෙස තාවකාලිකව සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
වෛද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බවය.
රඹුක්කන ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය කලගෙඩිහේන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවක් බව හෙළිවී තිබේ.