ඊයේ රාත්‍රියේ සිට සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු අද (12) දහවල් කැළණීය ප්‍රදේශයේ නිවෙසකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව ඇත.
ඊයේ රාත්‍රියේදී ජාඇල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය තිබී අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
ඒ අනුව කළ පරීක්ෂණයේදී ජාඇල ප්‍රදේශයේ නිවසෙක තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර පසුව කළ විමර්ශනයන්ගෙන් හෙළි වී ඇත්තේ පැය කිහිපයකට පෙර එම නිවෙසින්ද මත්ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවකි.
කැළණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ ඒ අනුවය.
මේවායේ වටිනාකම තවමත් ගණනය කොට නොමැත.










