මේ දිනවල කැලෑ කැපීම රටේ ප්‍රධාන මාතෘකාවක් වී ඇති බවත්, වනාන්තර ආරක්ෂා කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගත යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.
මේ අතර රටේ වැඩියෙන්ම වනාන්තර විනාශ කරන්නේ ව්‍යාපාරිකයන් විසින් බවත් පසුව ඔවුන්ම වනාන්තර සුරකිමු යයි පුවරු ඔසවාගෙන සිටින බවත් රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා පවසයි.
මේ රටේ වැඩියෙන්ම කැලෑ කපා ඇත්තේ ඩී එස් සේනානායක මහතා සහ ගාමිණී දිසානායක මහතා බව ද ඔහු සඳහන් කළේ ය.
පරිසර විනාශය යයි අර්ථ නිරූපණය කරන බොහෝ දේවල් අසත්‍ය බවද හෙතෙම පැවසීය.
නමුත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් උත්සවයට සහභාගි වූ විහාරාධිපති හිමි නමක් විසින් ආසන්න භූමියක් පෙන්වා කියා සිටියේ කලින් එහි පැවති වනාන්තරය හෙලි කර කෙසෙල් වගාවක් පවතින බවයි.










