යහපාලන රජය විසින් විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ට වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා පොලී රහිත ණය ලබා දුන් නමුත් 2021/ 2022 කණ්ඩායමට එම ණය ලබා දීමට අවශ්‍ය ගැසට්ටුව නිකුත් කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය. Sri Lanka Latest News
2017 වසරේ උපාධි අධ්‍යාපන ආයතන 6කට උපාධි පාඨමාලා 26ක් හැදෑරිමට රුපියල් ලක්ෂ 8 පොලී රහිත ණයක් ලබා දුන් බවත් එහෙත් 2021/ 2022 කණ්ඩායමට මේ ණය තවම ලබා දි නොමැති බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය පවා හිමිව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කැබිනට් අනුමැතිය පවා හිමිව ඇති මොහොතක මෙය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවත් ඒ සදහා දැන් ක්‍රමවේද සකස් කිරිමක් අවශ්‍ය නොවන බවත් 7 වැනි කණ්ඩායමට එම ණය ලබා දිම ප්‍රමුඛතාවක් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.










