මින් ඉදිරියට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ඇතුළත් කරමින් පිටු 14ක නිවේදනයක් නිකුත් කිරීමට කැබිනට් කාර්යාලය පියවර ගෙන ඇත.
සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් අදාළ කැබිනට් පත්‍රිකා සියල්ලන්ටම තේරුම් ගැනීමට පහසු වන සේ සරලව ඉදිරිපත් කරන ලෙසත්, එය පිටු 2කට සීමා කරන ලෙසත් දැනුම් දී තිබේ.
මීට අමතරව විදෙස් රටවල්, ජාත්‍යන්තර ආයතන සහ විදෙස් ඒජන්සි සමග අවබෝධතා ගිවිසුම් අස්සන් කරන්නේ නම් ඊට කැබිනට් අනුමැතිය හිමිවිය යුතු බවද දැනුම් දී ඇත.
එමෙන්ම කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගත යුතු පියවරයන්, නව නීති සම්මත කර ගැනීම සහ පවතින නීති සංශෝධනය කරගැනීමට අදාළ පියවරයන් මෙම නිවේදනයට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ.










