• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාශ්‍යපටත් කලින් පර්වතයක් උඩ මාලිගාවක් හැදූ කව්ද මේ ලජ්ජතිස්ස -මව්රට විශේෂ ගවේෂණය EXCLUSIVE

December 28, 2020
in Exclusive
Reading Time: 7 mins read
A A
කාශ්‍යපටත් කලින් පර්වතයක් උඩ මාලිගාවක් හැදූ කව්ද මේ ලජ්ජතිස්ස -මව්රට විශේෂ ගවේෂණය EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අපේ ශ්‍රී ලංකාව අතීතයේ පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරු ගැන බොහෝ තොරතුරු අපි අහලා තියෙනවා. ඒ රජවරු අතින් නිමවුණු විස්මකර්ම නිර්මාණ ගැනත් අපි බොහෝ දේ දන්නවා. ඒ බොහෝ තැන් අපි දැක බලා ගෙනත් තියෙනවා. ඒත් අපේ ඉතිහාසයේ අපි නොදන්න දේවල් තවත් කොයිතරම් නම් තියෙනවද? අපේ අවධානය යොමු නොවී තවමත් සැඟවිලා තියෙන විශිෂ්ට නිර්මාණ තවත් කොයි තරම් නම් අපේ රටේ තියෙනවද? ඒ නිර්මාණ කරවූ එහෙත් ඉතිහාසයේ නිසි ඇගයීමට ලක් නොවුණු තවත් රජවරු කී දෙනෙක් නම් අපේ ඉතිහාසයෙන් හොයා ගන්න පුළුවන්ද?

අන්න ඒ වගේ ඉතිහාසයේ නිසි ඇගයීමට ලක් නොවුණු එහෙත් දුටුවන්ගේ ඇස් අදහාගත නොහැකි තත්ත්වයට පත් කරවන අද්විතීය පුරාවිද්‍යා පරිශ්‍රයක් හොයාගෙන තමයි අපි පසුගිය සතියේදී අම්පාරට ගියේ. සක්‍රීය වුණු ඊසාන දිග මෝසම ලංකාවේ නැඟෙනහිර පළාත එක දිගට මහ වැස්සෙන් තෙමා දමද්දී, ලිස්සන දහඅට වංගුව බැහැගෙන අපි හෙමින් සීරුවේ අම්පාර පැත්තට ගියා. මහියංගණය, පදියතලාව පහුකරගෙන ගිහින් මහඔය හන්දියෙන් දකුණට හැරිලා තවත් කිලෝමීටර් 30ක් විතර ගියාම තමයි රජගලතැන්න ගම්මානය හමුවෙන්නේ. රජගලතැන්න ගම්මානයෙන් හැරිලා මඳ දුරක් ගියාම රජගල පුරාවිද්‍යා පරිශ්‍රයට ගමන් කරන්න පුළුවන්.

ලංකාවේ රාජාවලිය තුළ සීගිරි කාශ්‍යප රජතුමාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. එතුමා නිර්මාණය කෙරුව ලෝප්‍රකට සීගිරි ආලකමන්දාව තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. ලංකාවේ ජීවත්වන බහුතරයක් දෙනා ජීවිතයේ එක්වරක් හෝ සීගිරිය නැගලා තියෙනවා. කාශ්‍යප රජතුමාගේ කලා රසය සහ නිර්මාණකරණයේ දක්ෂතාව දැකලා පුදුමයට පත් නොවුණු කෙනෙක් ඒ අතරේ ඉන්න විදියක් නැහැ. අපි මේ කතා කරන රජගල පරිශ්‍රයත් ඒ වගේම සුවිශේෂී තැනක් කියලා ඔබ පිළිගන්නවද? ඇතැම් විට මේ රජගල සීගිරියටත් වඩා නිර්මාණාත්මක බව අතින් ඉදිරියේ තියෙන තැනක් කියලා ඕනෑම කෙනකුට තර්ක කරන්න පුළුවන්. ඒ වගේම සීගිරියටත් වඩා සංචාරකයෙකු පුදුම කරවන තරමේ පුරාවිද්‍යා ස්මාරක රාශියක් රජගලදී දැකගන්න පුළුවන්. ඒත් සීගිරිය ගැන දන්න අයගෙන් රජගල ගැන අහලා තියෙන්නේ කීයෙන් කී දෙනාද? ඉතිහාසයේ රජගලට නොලැබුණු වටිනාකම අනාගතයේදී හෝ ලබා දෙන එක අපේ යුතුකමක් කියලයි මේ ගමන පුරාවට අපට හිතුණේ. මේ වෙද්දී රජගල ලෝකයේ නව වැනි පුදුමය විදියට නම් කරන්නත් යුනෙස්කෝ සංවිධානයේ අවධානය යොමු වී තියෙනවා කියන එකත් කවුරුත් නොදන්න කාරණාවක්.

සෙල්ලිපි ආශ්‍රිත තොරතුරු හරහා මේ වෙද්දී තහවුරු කරගෙන තියෙන විදියට සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජතිස්ස රජු තමයි රජගල ආරාම සංකීර්ණය කරවලා තියෙන්නේ. ලංකතිස්ස සහ ලදැතිස් ලෙසත් ඉතිහාසයේ සඳහන් වෙන්නේ මේ ලජ්ජතිස්ස රජුම තමයි. මහාවංශයේ දැක්වෙන ආකාරයට ලජ්ජතිස්ස රජු ක්‍රි. පූ. 119 සිට ක්‍රි. පූ. 109 දක්වා කාලයේදී අනුරාධපුර රාජධානිය පාලනය කරලා තියෙනවා. ඒ සද්ධාතිස්ස රජුගෙන් පස්සේ. දුටුගැමුණු රජුගෙන් පසු අනුරාධපුරයේ පාලකයා බවට පත් වූ සද්ධාතිස්ස කුමරු ක්‍රි. පූ 137 සිට ක්‍රි. පූ. 119 දක්වා තමයි අනුරාධපුරය පාලනය කර තිබෙන්නේ. නමුත් සද්ධාතිස්ස රජුගේ අභාවයෙන් පසුව රාජ්‍ය උරුමය බාර ගැනීමට ලජ්ජාතිස්ස කුමරු ඉදිරිපත් නොවීම හේතුවෙන් මහා ඇමැතිවරු සහ භික්ෂු නායකයන් එක්ව සද්ධාතිස්ස රජුගේ බාල පුතණුවන් වූ ථුල්ලත්තන කුමරුට රජකම ලබා දුන් බව ඉතිහාසයේ සඳහන්. සද්ධාතිස්ස රජුගේ අභාවය සිදුවන අවස්ථාවේ ලජ්ජාතිස්ස කුමරු අනුරාධපුරයේ වාසය නොකිරීම තමයි එයට හේතු වෙලා තියෙන්නේ. සද්ධාතිස්ස රජු අනුරාධපුරය පාලනය කරද්දී ලජ්ජාතිස්ස රජු රුහුණු රට පාලනය කළ බව තමයි වංශකතාවල දැක්වෙන්නේ. කෙසේ නමුත් තමන්ට හිමි රජ පදවිය තම සොහොයුරාට හිමි වුණු බව දැනගත් ලජ්ජාතිස්ස කුමරු වහාම අනුරාධපුරයට ගොස් ථුල්ලත්තන රජු ඝාතනය කර රජකම ලබා ගත් බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙම බැලුවම ලැජ්ජාතිස්ස රජුගේ කතාව සහ සීගිරි කාශ්‍යප රජුගේ කතාව අතරෙත් එක්තරා සමානකමක් දකින්න පුළුවන්.

ඒ අනුව මේ රජගල ආරාම සංකීර්ණය ක්‍රි. පූ. 109ට පෙර ඉදිවූ එකක් බව හොඳින් තහවුරු වෙනවා. නමුත් මෙය ලජ්ජාතිස්ස රජු අනුරාධපුර රාජ්‍යය බාර ගැනීමට පෙර ඉදි කළ එකක් බවටත් ඉතිහාසඥයන් මත පළ කරනවා. එමෙන්ම දුටුගැමුණු රජු අනුරාධපුරය පාලනය කරද්දී, දීඝවාපිය පාලනය කළ සද්ධාතිස්ස රජු යටතේ ලජ්ජාතිස්ස රජු මේ ආරාම සංකීර්ණය ඉදි කළ බවටත් මත පළ වෙනවා. එකල “ගිරිකුම්භීල විහාරය” ලෙස හැඳින්වූ මේ ආරාම සංකීර්ණය පූජා කිරීමේදී ලජ්ජතිස්ස රජු විසින් හැටදහසක් භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කළ බවත් මහාවංශයේ සඳහන් වෙනවා. එමෙන්ම රජගලින් සොයා ගත් පුවරු ලිපි හරහා ඒ තොරතුරු සනාථ වෙලා තියෙනවා.

මේ තරම් සුවිශේෂී නිර්මාණයක් ඉදිකළ ලජ්ජාතිස්ස රජුට අපේ ඉතිහාසයේ නිසි තැන හිමි නොවුණේ ඇයි කියන එක තමයි රජගලට යන ඕනෑම කෙනකුගේ හිතට මුලින්ම නැඟෙන ප්‍රශ්නය. දුටුගැමුණු රජුගේ නම ඇසූ පමණින් එතුමා පිළිබඳ මහා චිත්‍රයක් අපේ හිතේ මැවෙනවා. දුටුගැමුණු රජුගේ සොහොයුරා වන සද්ධාතිස්ස රජු ගැනත් කුඩා කාලයේ පටන්ම බොහෝ දේ අපි අහලා තියෙනවා. ඒත් ඒ යුගයේදීම මහා විශාල ශාසනික සහ සංස්කෘතිමය පූජාවන් සිදු කළ ලජ්ජාතිස්ස රජුව අපට මඟ හැරුණේ කොහාමද කියන එක සොයා බැලීම අපි හැමෝගෙම යුතුකමක්.

රජගල ආරාම සංකීර්ණය ඉතාම සුවිශේෂී එකක් වෙන්න ප්‍රධානම හේතුව තමයි එහි පිහිටීම. මහ පොළොවෙන් ඉහළට එසැවුණු දැවැන්ත ගල් පර්වතයක් මත කාශ්‍යප රජු තම රාජධානිය ඉදි කළ ආකාරයටම ලජ්ජාතිස්ස රජු මහා ගිරි ශිඛරයක් මත ගිරිකුම්භීල විහාරය ඉදි කරලා තියෙනවා. ලජ්ජාතිස්ස රජුට පෙර මෙරට පාලනය කළ දේවානම්පියතිස්ස, දුටුගැමුණු ආදී රජවරුන් මහා පරිමාණයේ විහාර සංකීර්ණ ඉදි කළ බව ඉතිහාසයේ සඳහන් වුණත් ඒ කිසිවකු කඳු මුදුනක හෝ ගිරිකුලක් මත විහාර ඉදි කළ බවක් මෙතෙක් සොයා ගෙන නැහැ. ඒ හේතුවෙන් ගිරි ශිඛර මත ගොඩනැගිලි ඉදිකිරීමේ සම්ප්‍රදාය අපේ රටට හඳුන්වාදුන් නිර්මාපකයා ලෙසත් ලජ්ජාතිස්ස රජු හඳුන්වන්න පුළුවන්. වංශකතා තොරතුරු අනුව කාශ්‍යප රජු රජකම ලබා ගන්නේ ක්‍රි. ව. 477දී. ඒ අනුව ක්‍රි.ව. 477ට පසු කාලයකදී තමයි සීගිරිය ඉදි වෙලා තියෙන්නේ. එහෙම බැලුවම සීගිරිය ඉදි වෙලා තියෙන්නේ ගිරිකුම්භීල විහාරය ඉදි කිරීමෙන් වසර 500කට විතර පස්සේ. මේ කාලය පුරාම ගිරිකුම්භීල විහාරය රටේ සුපතළ විහාරස්ථානයක් වූ බව සහ ඊට රට වටේ සැදැහැවතුන්ගෙන් විවිධාකාරයේ ආධාර උපකාර ලැබුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ හේතුවෙන් කාශ්‍යප රජුට ආලකමන්දාව ඉදි කිරීමේ අදහස ඇති වුණෙත් ගිරිකුම්භීල විහාරය දැක්කට පස්සෙද කියන සාධාරණ සැකයත් රජගල ඉතිහාසය සොයා යන ඕනෑම කෙනකුගේ හිතට නිරායාසයෙන්ම නැඟෙන දෙයක්.

ඉතිහාසයේ අපි දන්න දේට වඩා නොදන්න දේ තව බොහොමයි. අලුත් සොයා ගැනීම් එක්ක ඉතිහාසයේ අපි දැනගෙන හිටිය දේ වෙනස් වෙන්න පුළුවන්. ඉතිහාසය හැදෑරීම හරිම රසවත් විෂයක් වෙලා තියෙන්නෙත් ඒ හින්දාමයි. රජගල කියන්නේ වසර දහස් ගණනක් පුරා අපේ ඉතිහාසයෙන් සැඟවී තිබුණු ඉසව්වක්. ඉංග්‍රීසි ජාතිකයන් වනගතව තිබූ අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය ආදී විස්මකර්ම පුරාවිද්‍යා පරිශ්‍රයන් සොයා ගනිද්දී රජගල දිගින් දිගටම මහ ඝන වනාන්තරය තුළ සැඟවුණා. රජගලට සහ ලජ්ජාතිස්ස රජුට ඉතිහාසයේ හිමි විය යුතු නිසි තැන නොලැබෙන්න ප්‍රධාන හේතුව වුණෙත් ඒකමයි. හැබැයි දැන් රජගල පුරාවිද්‍යා පරිශ්‍රය බොහෝ දුරට සංරක්ෂණය කරලා තියෙනවා. එහි සංචාරය කරන්න අවශ්‍ය පහසුකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සලසලා තියෙනවා. ඒ හින්දා දැන් අපි රජගල සැඟවුණු ඉතිහාසය සොයා යා යුතුයි. මේ දැවැන්ත නිර්මාණය සිදු කළ ලජ්ජාතිස්ස රජුට ඒ ගෞරවය දැන් අපි ලබා දිය යුතුයි. දිගාමඩුල්ලට ඇදහැලුණු මහා වැස්ස නොතකා දින කිහිපයක් පුරා රජගල අස්සක් මුල්ලක් නෑර ඇවිදින්න අපි තීරණය කළෙත් ඒ හින්දාමයි. ඇත්තටම ඒ ගමන පුරාවට අප දුටු දේ කියවන ඔබ පුදුම කරවන බව අපට විශ්වාසයි. ඇසින් දුටුව දේ විතරක් නෙවෙයි ඒ හරහා අපි හොයා ගත්ත හැමදෙයක්ම ටිකෙන් ටික ඔබට කියන්න අපි සූදානම්. වසර දහස් ගණනකට පෙර මහරහතුන් වහන්සේ දහස් ගණනින් වැඩම කළ ගල් පඩි පෙළ දිගේ අපිත් නඟිමු රජගල. අපේ ඉතිහාසයේ අලුත්ම ඉසව්වක් සොයා ගෙන.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

යුක්රේනයෙන් 200ක් අද ලංකාවට එයි: ඉන්නේ බේරුවල-බෙන්තොට සහ කොග්ගල

Next Post

රටම වහලා තියෙද්දිත් කොරෝනා මරණ 191යි: රිය අනතුරු මරණ 1900යි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.