2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතාට පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇත.
ඒ අනුව හෙට පෙරවරු 9.00 ට ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට කැඳවා ප්‍රකාශයක් ලබා දෙන ලෙසට සංගක්කාරට දැනුම් දී තිබේ.
මෙම විමර්ශනයට අදාළව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ දිනයේදී පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දෙනු ලැබූ අතර අද දින උපුල් තරංගද ප්‍රකාශයක් දෙනු ලැබීය.










