• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුබෝවිල රෝහලේ අලුත උපන් දරුවෙක් නැතිවෙලා දවස් 6ක් තිස්සේ හෙව්වා මතකද? අවුරුදු 18ක් පරණ කතාවක් යළි ඇවිස්සෙයි! Sri Lanka Latest News

February 15, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
කළුබෝවිල රෝහලේ අලුත උපන් දරුවෙක් නැතිවෙලා දවස් 6ක් තිස්සේ හෙව්වා මතකද? අවුරුදු 18ක් පරණ කතාවක් යළි ඇවිස්සෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාන්දර දෙකට උපන් පුංචි බිලිඳෙක් පසුදා වෙනකොට අතුරුදන් වෙනවා. ඒ මොහොත අපට හිතාගන්න බැහැ. විශ්වාස කරන්න බැහැ බබාට මොකද වුණේ? කවුද බබාව අරන් ගියේ? Sri Lanka Latest News

අවුරුදු 18කට පසු සතුටු කඳුළු අතරින් නැවත ලියවෙන ගවීෂ් රෙහාන් ප්‍රනාන්දු දරුවාගේ ජීවිත කතාවයි මේ.
හරියටම 2007 දෙසැම්බර් 18 කළුබෝවිල ශික්ෂණ රෝහලේ 21 වැනි වාට්ටුවේ පාන්දර දෙකට මෙලොව එළිය දුටු දරුවෙක් මවගේ උණුසුම අවශ්‍යම මොහොතේ පසුදා දහවල් දෙක වෙද්දි අතුරුදන් වෙනවා. ඒ දවස්වල මේ කතාව මහා ආන්දෝලනයකට තුඩුදුන්නා. රටක් මේ දරුවා හෙව්වා. මේ සිදුවීම රෝහලේ සිදුවූ සිදුවීමක් විතරක් නෙවෙයි, එය මවකගේ හදවත පසාරු කරගෙන ගිය මොහොතක්. පියෙකුගේ ජීවිතය නවතින්න ගිය මොහොතක්. සහෝදරියකට නොදැනෙන ජීවිතයක හිස්කමක්. ඒ පුංචි ජීවිතය තමයි ගවීෂ් රෙහාන් ප්‍රනාන්දු කියන්නේ.

මේ දරුවාගේ අම්මා කියන්නේ ‘මම ආපහු එනකොට බබා නැහැ. මොකද බබාට වුණේ’ කියලා. මේ වෙනකොට අවුරුදු 18ක් වන තරුණ පුතෙක් ළඟ තබාගෙන ඒ මොහොත මේ මව සිහිපත් කරද්දී තවමත් දෑස් කඳුළින් තෙත් වෙනවා.

‘බබා ඉපදුණේ පාන්දර 2ට. උදේ 7ට මාව වෝඩ් එකට දැම්මා. දවල් වෙද්දි ටොයිලට් එකට යන්න ඕනේ වුණා. මගේ ඇඳට එහා පැත්තේ හිටපු ගෑනු කෙනාට බබා පොඩ්ඩක් බලාගන්න කියලා ගියේ. ඒ වෙලාවේ බබා නිදාගෙන හිටියේ. මම ආපහු එනකොට බබා නැහැ. මම මුළු වාට්ටුවම සොයා බැලුවා. නර්ස්ලට කිව්වා. පහළ සිකුරිටිලට කිව්වා. නමුත් බබාව හොයාගන්න බැරිවුණා…’ යනුවෙන් පවසා සිටියා.

අපේ හදවතට දැනෙන්නේ ඒ මොහොතේ මේ මවගේ ජීවිතය නැතිවුණා වගේ දැනෙන්නට ඇති කියලායි.
එදා මුළු රටක්ම මේ බබා ගැන හෙව්වා. කළුබෝවිල පොලිසියට පැමිණිලි කළා. රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. මාධ්‍ය මගින් ප්‍රවෘත්ති රට පුරා ප්‍රචාරය කළා. මෙයට මූලික වුණු නාලිකාවක් වුණේ සිරස මාධ්‍ය ජාලය සහ නිවුස් ෆස්ට්. ඔවුන් දින ගණනාවක් පුරා මේ දරුවා සොයාගන්න විශාල සහයෝගයක් දුන්නා. ඒ වෙනුවෙන් කෘතගුණ දැක්වීමට තමයි මේ පවුල සිරස ප්‍රවෘත්ති මැදිරියට අවුරුදු 18කට පසුව ඇවිත් තිබුණේ.

රට පුරා ජනතාවගේ හදවත්වල තිබුණේ එකම ප්‍රශ්නයක්. මේ පුංචි බබා කොහේද? දින 06ක අඳුරු කාලපරිච්ඡේදයක් වුණාට මේ මවුපියන්ට අවුරුදු ගණනාවක් වගේ දැනෙන්නට ඇති. හරියටම 2007 දෙසැම්බර් 24 වැනිදා මේ ජීවිතවලට නැවුම් බලාපොරොත්තුවක් ලැබුණා. ඒ තලවතුගොඩ ප්‍රදේශයෙන් ලැබුණු තොරතුරක් නිසයි. පොලිසිය සහ මාධ්‍ය ඒ වෙනුවෙන් සහයෝගය ලබාදුන්නේ තමන්ගේ දරුවෙකු සොයන්නට වෙහෙසෙනවා වගෙයි.
කෙසේ වෙතත් පුංචි ගවීෂ්ට නැවත මවගේ උණුසුම ලැබුණා. ඒ ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් අනතුරුවයි.
මේ දරුවාගේ පියා වන වසන්තද ඒ සිදුවීම සිහිගැන්වූයේ කඳුළු වගුරුවමිනි.

‘මගේ බිරිඳගේ පියා පොලිසියේ වැඩකළේ. එයා කෝල් කරලා අප්පච්චිට කිව්වා මෙහෙම දරුවා අතුරුදන් වුණා කියලා. ඊට පස්සේ අප්පච්චි ආවා මමත් ගියා. ඇත්තෙන්ම මම වැඩකරපු එක ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂතුමා මීඩියාවල කට්ටිය අඳුනනවා. එයාලා තමයි සිරස සම්බන්ධ කරලා දුන්නේ. ඒ ප්‍රවෘත්තිය සමග අනෙක් නාලිකාවලත් මේ සිදුවීම ප්‍රචාරය කළා. එක අවස්ථාවක අපිට නිවුස් එකක් ලැබුණා තලවතුගොඩ පැත්තේ දරුවා ඉන්නවා කියලා. අපි ඒක පොලිසියට කිව්වා. එතකොට පොලිසියයි මාධ්‍යයි ඒ ස්ථානයට එකපාරම ගියා. මගේ දරුවා කොහෙද ඉන්නේ කියලා හිතාගන්න බැරිවුණා. සමහර විට පාරේ ඉන්න පුළුවන්. සමහර විට වෙන රටක ඉන්න පුළුවන්. දරුවා හම්බවුණාම ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කරලා ගත්තේ. මට මේ දරුවාව හමුවුණේ නැත්නම් හැම අවස්ථාවකම මගේ දරුවා මතක් වෙනවා. මගේ දරුවාත් මේ වගේනේ කියලා. අපි ඔස්ටේ්‍රලියාවට ගියේ ඒ අවස්ථාවේ. මගේ අයියා හිටියේ ඔස්ටේලියාවේ. මම විතරක් ගිහින් එන්න ගියේ. ඒ රට හොඳ නිසා වයිෆ්ව ස්ටුඩන්ට් වීසාවලින් අරන් ගිහින් තමයි ජීවිතය පටන්ගත්තේ. අමතර ජොබ් කරලා තමයි ජීවත්වුණේ. ගවීෂ් ක්‍රිකට් ගහන්න දක්ෂයි. අපි කිහිප අවස්ථාවක ලංකාවට ආවා. නමුත් ගවීෂ් ලොකු වුණාම ගෙනත් පෙන්නන්න හිතුවේ ලොකු වුණාම මේක තමයි ලංකාව කියලා. මේ රටේ සුන්දර මිනිස්සු නිසා තමයි අපිට අපේ දරුවාව හොයාගන්න පුළුවන් වුණේ. කවදාවත් ලංකාව අමතක කරන්න එපා පුතේ…’ කියලා අවසානයට ඒ හැඟීම පවසා සිටියා. මම ඒ යුතුකම් ඉෂ්ට කළා යනුවෙන් සතුටු කඳුළු වැගිරුවා. මේ පවුල පසුව ඔස්ටේ්‍රලියාවට ගිහින් අලුත් ජීවිතයක් ආරම්භ කළා. ‘අපි ඇඳුම් බෑගයක් විතරයි අරන් ගියේ. අමතර රැකියා කරලා ජීවිතය ගොඩනගා ගත්තේ.’ යනුවෙන් මව පැවසුවේ සතුටු කඳුළු සමගයි. අද ඔවුන්ට සතුටක් දැනෙනවා. එදා අහිමි වීමට ආසන්න වූ ජීවිතය අද ඔවුන්ට ගෞරවයක් ලැබී තිබේ.

අද ගවීෂ් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ තරුණයෙක්. ඉංජිනේරු විද්‍යාව හදාරන්න ඔස්ටේලියාවේ විශ්වවිද්‍යාලයකට තේරී පත්වී සිටින ඔහු අනාගත සිහින දකින දරුවෙක් වෙලා. ඔහුට වැඩිමහල් සහෝදරිය නෙත්මි අද නීති උපාධිය හදාරන ශිෂ්‍යාවක්. ‘මට කිසිම දෙයක් මතක නැහැ. ඒත් මල්ලිට මම ආදරෙයි…’ ඇය සිනාසෙමින් පවසා සිටියා.
ඇත්තටම මේ කතාව අපිට මතක් කරලා දෙන ලොකු පාඩමක් තියෙනවා. මිනිස් ජීවිතයක වටිනාකම ජීවිතයක් තත්පර කිහිපයකින් වෙනස් වෙන්න පුළුවන් දෛවෝපගත ගමනක්. ඒත් ඒ ගමන හරි තැනකට වැටෙන්න මිනිස්සුන්ගේ කරුණාව වගකීම සහ අධිෂ්ඨානය ජීවිතයකට අවශ්‍යයි. එදා ගවීෂ්ව සොයාගන්න මාධ්‍ය ආයතන, පොලිසිය සහ සාමාන්‍ය ජනතාව එකට එකතු වෙලා ක්‍රියා නොකළා නම් අද මේ ලස්සන කතාව අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ පියාගේ කතාව හරහා පියෙකුගේ ආදරය කැපවීම නිසා අද ගවීෂ් සහ නෙත්මිට හොඳ අනාගතයකට පාර කැපුණා. එහෙම තමයි හොඳ තාත්තලා. එදා ඒ ජීවිතය පහළට වැටුණු මොහොතේ ගවීෂ් ගැන හිතින් අතහැරියා නම් අද මෙහෙම පුතෙක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. මේ කතාව හුඟාක් දුකෙන් පටන්ගත්ත ජීවිත කතාවක්. ජීවිතවලට අභියෝග දෙන්නේ ජීවිත හොඳ තැනකට ගෙනියන්න. ඒ විශ්වාසය විතරයි අපට තියෙන්න ඕනේ.

ගවීෂ් කොහේ හිටියත් ඔහුගේ ජීවිතය හොඳට ගොඩනගාගෙන රටටත් ලෝකයටත් සේවය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. අවුරුදු 18කට පෙර අඳුරට පත්වූ මවු හදවත අද සතුටු කඳුළින් පිරී ඇත. ඒකයි ජීවිතය කියන්නේ. ජීවිතවලට අභියෝග එනවා. නමුත් විශ්වාසයෙන් සිටිනතාක් එහෙම හදවතක් තියෙන තැනකට නැවත ආලෝකය ළඟාකර ගන්න පුළුවන්.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

උඩමළුව පේනතෙක් මානෙකවත් නෑ! අවාරේ මහ කැලේ මැද කරුණාවෙදි ඇහෙන අද්භූත හේවිසි හඬ කාගෙද? Sri Lanka Latest News

Next Post

උඩින් යන්න හාල්වලින් රත්න – ඩඩ්ලි ගහපු ගේම! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.