අද දිනයේ කහ පැහැයෙන් සැරසී ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගය නැරඹීමට පැමිණෙන ලෙස කියමින් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය නමතු අද තරගයෙන් ලංකා පිලට කඩුලු 4ක පරාජයක් අත්විය.
මෙම ප්‍රචාරක ව්‍යාපාරය ගෙන ගියේ පොහොට්ටුවෙන් තරග වැදී මේ වනවිට වෙනත් සන්ධානයකින් තරග වැදීමට සූදානමින් සිටින පිරිසකි.
මෙම පිරිසට මාධ්‍යයෙන්ද විශාල සහායක් ලැබුණු අතර ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට කඩේ ගිය ඉරාජ් වීරරත්න, චතුර අල්විස් වැන්නවුන්ද මෙහි පෙරමුණ ගෙන සිටියහ.
කෙසේවෙතත් අද තරගයෙන් ලංකා පිල පරාජයට පත් කොට ඔස්ට්‍රේලියා පිල ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.










