• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුද හිරේ යන්නේ? කාගෙද ප්‍රජා අයිතිය අහෝසි වෙන්නේ? කාවද ප්‍රශ්න කරන්න ගන්නේ?මෙන්න බටලන්ද වාර්තාවට වෙන්න යන දේ! බටලන්දෙන් සෙල්ලම් සියල්ල ඉවරවෙන හැටි ප්‍රතිභා කියයි! Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කවුද හිරේ යන්නේ? කාගෙද ප්‍රජා අයිතිය අහෝසි වෙන්නේ? කාවද ප්‍රශ්න කරන්න ගන්නේ?මෙන්න බටලන්ද වාර්තාවට වෙන්න යන දේ! බටලන්දෙන් සෙල්ලම් සියල්ල ඉවරවෙන හැටි ප්‍රතිභා කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බටලන්ද වධකාගාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව, අදාළ චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ මානව හිමිකම් ක්‍රියාකාරී, නීතිඥ, මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා අදහස් දක්වා තිබෙනවා. පහත පළවන්නේ, මහනාම හේවා මහතා සිදුකරන එම පැහැදිලි කිරීමයි.Sri Lanka Latest News

‘ශ්‍රී ලංකාවේ මූලික වශයෙන්ම පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරලා තිබෙනවා. මේ පරීක්ෂණ කොමිෂන් සභා පත්කරනවා පනත් දෙකකින්. එකක් තමයි 1948 අංක 7 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත. ඒ වගේම 1978 අංක 14 දරන ජනාධිපති විශේෂ කොමිෂන් සභා විශේෂ ප්‍රතිපාදන පනත. මේ පනත් දෙකෙන් තමයි මූලික වශයෙන්ම ජනාධිපති කොමිෂන් සභා පත්කරන්නේ. 1978 විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ ප්‍රතිපාදන පනත යටතේ පූර්ණ බලතල තියෙනවා ජනාධිපතිවරයා විසින් ඒ කොමිෂන් සභාව යටතේ යම්කිසි විදියකට පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළොත් ඒතැනදී ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, ඡන්දේ විමසලා කෙනෙක්ගේ ප්‍රජා අයිතිය, නැත්නම් ප්‍රජා සිවිල් අයිතිය අහෝසි කරන්න පුළුවන්. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක, හිටපු නගරාධිපති ෆවුසි මහත්මයා, හිටපු අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ඒ පනත යටතේ විශේෂ බලතල තියෙනවා ප්‍රජා අයිතිය සිවිල් අයිතිය අහෝසි කරන්න යම්කිසි කෙනෙක් ඒ යටතේ විමර්ශනය කරනවා නම්. ඒක පාර්ලිමේන්තුව විසින් තමයි සිදුකරන්නේ.

1948 අංක 14 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ ජනාධිපතිවරයා පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරනවා එවැනි කොමිෂන් සභාවක් තමයි බටලන්ද නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මධ්‍යස්ථාන හා එහිදී සිදුවූ අමානුෂික වධ හිංසාවලට ලක්වූ අය පිළිබඳ හොයන පරීක්ෂණ සභාව. මේ පරීක්ෂණ කොමිෂන් සභාව පත්කළා ඉතා දීර්ඝ සාක්ෂි විමසීමක්, ලිඛිත, කථික, ආවේශ සියලු දෙයක්ම සොයාගත්තා. මේ පනත යටතේ දැන් ඒ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව හදලා නිර්දේශ හදලා තියෙනවා. මේ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුගත කළේ නෑ. මොකද ඒ පනත යටතේ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. හැබැයි මේ පරීක්ෂණ කොමිෂන් සභාවේ තියෙන බලතල නිර්ණය ගත්තම මේ බටලන්ද කොමිෂන් සභා පරීක්ෂණ වාර්තාව අනුව කෙනෙක්ගේ ප්‍රජා අයිතිය හෝ සිවිල් අයිතිය අහෝසි කිරීමට බලතලයක් නෑ. ඒ නිසා මේ පරීක්ෂණ කොමිෂන් සභාව ඉතා හොඳින් කළා. සාක්ෂි රැස්කළා. සාක්ෂි මෙහෙයෙව්වා. දැන් නිර්දේශ දීලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුවට අවස්ථාවක් තියෙනවා දීලා තියෙන නිර්දේශ මත ඉදිරියේදී යම් යම් දේවල් වෙනස් කරන්න.

මූලික වශයෙන්ම බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරලා නීතිපතිවරයාගේ උපදෙස් අනුව එහිදී අපරාධ වැරැදි සිදුවෙලා තියෙනවා නම්, අපරාධ සම්බන්ධ නඩු පැවරීමේ සම්පූර්ණ කාර්යභාරය නීතිපති කාර්යාලය හරහා සිදුවෙනවා. නමුත් මේකේ තව නිර්දේශ තියෙනවා, දවස් දෙකක් පාර්ලිමේන්තුවේ කතා වෙනවා. ඒක බොහොම හොඳයි. මොකද මේකේ දීලා තියෙන වැදගත්ම නිර්දේශයක් තමයි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්, මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ඡේදය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ. ඒකට ප්‍රධාන හේතුව ජීවත්වීමේ අයිතිය අපේ ව්‍යවස්ථාවේ නෑ. ඔන්න දැන් අවස්ථාවක් තියෙනවා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තවත් වැදගත් නිර්දේශයක් තියෙනවා මහෙස්ත්‍රාත්තුමාලාට, බන්ධනාගාරයක් වෙන්න පුළුවන්, රැඳවුම් ස්ථානයක් වෙන්න පුළුවන්, කොහේ හරි ගිහිල්ලා ඕනේ වෙලාවක ඒවා සොයාබැලීම සඳහා. මෙකී නොකී නිර්දේශ ගණනාවක් තියෙනවා. ඒ නිර්දේශවල ඉතා වැදගත් තත්ත්වය තමයි ඒවා ක්‍රියාත්මක කරන්න. නමුත් පාර්ලිමේන්තුවට මේ බටලන්ද පරීක්ෂණ වාර්තාව දැම්මේ නැති නිසා ඒක සාකච්ඡා වුණේ නෑ. ඉතින් ඒක යම්කිසි අඩුපාඩුවක්. පරීක්ෂණ කොමිෂන් සභාවක වාර්තාව ජනාධිපතිවරයාට දුන්නාම ඒක සභාගත කළ යුතුයි. ඒ ඓතිහාසික වරද දැන් නිවැරැදි කරලා තියෙනවා. ඉතින් මූලික වශයෙන්ම මේ බටලන්ද පරීක්ෂණ වාර්තාවේ තියෙන නිර්දේශ ගොඩක් ඒවා මේ පාර්ලිමේන්තුවට සාකච්ඡා කරලා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යවලා එතැනදී උපදෙස් අරගෙන ඒ අපරාධ නඩු පැවරීම් කරනවා නම් අපරාධ නඩු පැවරීම් කරන්න පුළුවන්. හැබැයි බටලන්ද පරීක්ෂණ කොමිසම දාලා තියෙන්නේ 1978 අංක 14 දරන ජනාධිපති විශේෂ කොමිෂන් සභා විශේෂ ප්‍රතිපාදන යටතේ නෙවෙයි. ඒ නිසා කෙනකුගේ ප්‍රජා අයිතිය හෝ සිවිල් අයිතිය අහෝසි කිරීම සඳහා මේ පරීක්ෂණ කොමිෂන් සභාවට ඒ බලයක් දීලා නෑ. නමුත් මම කලින් කියපු ආකාරයට ඒ බලතල ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ පිළිබඳ දැන් හෝ ඇස් ඇරීම හොඳම කරුණක්.

ලංකාවේ තවත් පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා තියෙනවා. උදුලාගම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව, මැක්ස්වල් පරණගම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව වගේ ඒවා. ඉතින් ඒවත් සභාගත කරන්න. ඒවත් ඉදිරියේදී සභාගත කරලා ලංකාවේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය, නිදහස මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනේ. හැකි ඉක්මනින් මේ නඩු විභාග කිරීම සඳහා ක්‍රමවේදයකුත් හදන්න ඕනේ….’

SendShareShare
Previous Post

බටලන්දට ගිනි තැබුවේ කවුද? Sri Lanka Latest News

Next Post

අයවැය අස්සේ ආණ්ඩුව නියම ඩීල් ටිකක් දාලා! විපක්ෂයේ අයටත් මුදල් දීලා! මේවා තමයි නියම දේශපාලන පගා! සජිත් කොළඹ පුංචි ඡන්ද අපේක්ෂකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.