විමල් වීරවංශ වැනි බුද්ධිමත් ඇමතිවරුන් සිටින ආණ්ඩුවක් තිබෙන අවස්ථාවක තමන් මෝඩයෙකු විම පිළිබදව ආඩම්බර වන බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
හුදෙකළා කොට ඇති ප්‍රදේශ වල ජිවත් වන පවුල් වලට ලබාදෙන රුපියල් 5000 ක ම දීමනාව මාසයක් සදහා කිසිසෙත් ප්‍රමාණවත් නැති බවට මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් තමන්ට විමල් විරවංශ අමාත්‍යවරයා විසින් මෝඩයා යැයි ආමන්ත්‍රණය කිරිම පිළිබදව ඊයේ 22 මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් මනෝ ගනේෂන් මහතා මේ බව සදහන් කළේය.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මෙසේද කීය.
මම මෝඩයෙක් තමයි. කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ මැද කොළඹ බොරැල්ල ආසන වල මහ ජනතාව පාරට බැහැල උද්ඝෝෂණ කිරිම ආරම්භ කර තිබෙනවා. ඔවුන්ට කන්න කෑමවත් නැති නිසා. මේ පිළිබදව මම රටේ උත්තරීතරතම සභාව වන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා.
එම අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වු ඇමතිවරයෙකු වන විමල් විරවංශ නැගිටල මට උත්තර දෙන්න උත්සහා කළා. ඔහු පැවසුවේ පවුලකට රුපියල් 5000 ක් දෙන්නේ සතියකින් කාලා ඉවර කරන්න නෙවෙයි කියල. සුමානයකින් එම මුදල වියදම් කිරීම වැරදයි කියල ඔහු පැවසුවා. එවැනි අර්ථකියන් තමයි ඔහු මට පිළිතුරු දුන්නේ. මම ඔහුගේ ප්‍රකාශයට තරයේ විරුද්ධත්වය පළ කළා. එවිට ඔහු මට මෝඩයා කීවා.
මේ වගේ බුද්ධිමත් ආණ්ඩුවක් මේ වගේ බුද්ධිමත් මැති ඇමතිවරු ඒ වගේම විමල් වීරවංශ වගේ බුද්ධිමත් දේශපාලඥයින් සිටින පාර්ලිමේන්තුවක මා වැනි අයෙක් ඇත්තටම මෝඩයෙක්. මොනව වුණත් මගේ ඒ මෝඩකම ගැන මම ආඩම්බර වෙනවා.
විමල් වීරවංශ ගැන මුළු රටම දන්නවා . ජනතා විමුක්ති පෙරමුණ නාමයෙන් රෝහණ විජේවීර නාමයෙන් පැවැතුණු දුප්පත් ජනතාව වෙනුවෙන් සටන් කළ පක්ෂයෙන් තමයි ඔහු දේශපාලනයට රිංගුවේ.ු කොළඹ මහ නගර සභාවට පැමිණියේ බයිසිකළයෙන් පැමිණි මන්ත්‍රීවරයා ඔහුයි. බස්නාහිර පළාත් සභාවට 1999 වසරේදි මා තේරී පත් වන විට ඔහුත් දුප්පත් මන්ත්‍රීවරෙයකු ලෙස තේරී පත් වුණා. මා පාර්ලිමේන්තුවට තේරී පත්වු වසරේදීම ඔහුත් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. එම අවස්ථාවේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක ලෙස මා අසල අසුනේම අසුන් ගෙන සිටියා.පළාත් සභාවේදිත් මා එහා ඇති අසුනේමයි ඔහු සිටියේ.
දැන් මේ මහා බුද්ධිමතාගේ නිවෙස් කොහේද තියෙන්නේ ? එවා ඉදිකර තිබෙන්නේ කොහොමද? මාසයක විදුලි බිල පමණක් කොපමණද ? දුරකථන බිල , ජල බිලපතේ ගාණ කොපමණද? ඔහුගේ ඔලුවට ගාන ජෙල් සදහා පමණක් මාසයකට කොපමණ මුදලක් යනවාද කියල සමාජ මාධ්‍ය වල තොරතුරු පළ වෙනවා. ඒ වගේම ඔහුගේ ඇදුම් පැළදුම් වල මිල ගණන් පවා සමාජ මාධ්‍ය වල පළ වෙනවා. මොහුගේ කෑම වල මිල ගණන් , සිදු කරනු ලබන සංචාර , ඔහු විදෙස් ගත වෙනවා නම් ගමන් බලපත්‍ර කීයක් තිබෙනවාද? උප්පැන්න සහතික කීයක් තිබෙනවාද? උපන් දින කීයක් තිබෙනවාද? වැනි කරුණු ගැන මුළු රටම කතා වෙනවා. ඔහුටත් වුවමනා නම් සමාජ වෙබ් අඩවි වලින් මේ දේවල බලා ගන්න පුලුවන්.
වර්මානයේදි මිලියන ගණන් වියදම් කරන්න හැකියාව තිබෙන මේ ඇමතිවරයාට අතීතයේදි ඔහු නියොජනය කරන නිර්දන පන්තිය අමතක වෙලා. මේ නිසා තමයි ඔහු කීවේ සමාන්‍ය හතරදෙනෙක් ජීවත් වෙන පවුලකට මාසයකට රුපියල් 5000 ක් ඇතිය කියල මට පාර්ලිමේන්තුවේදි ලැඡඡාවක් නැතිව උත්තර දුන්නේ.
මම කතා කළේ උතුරු කොළඹ ,මැද කොළඹ, බොරැල්ල ,මොටුව අවිස්සාවේල්ල, කොළොන්නාව මේ සියලු ප්‍රදේශ වල සිටින දුප්පත් නැති බැරි ජනතාව වෙනුවෙන්. නැවතත් මම ප්‍රශ්න කරන්නේ රුපියල් 5000න් කොහොමද සාමාජිකයින් හතර දෙනෙකු සිටින පවුලක් මාසයක් ජිවත් වෙන්නේ?
මම විමල් විරවංශ වගේ පක්ෂයේ නායකයා, පක්ෂයේ ප්‍රතිපත්ති පවා දීලා වෙනත් පක්ෂ වලට පැනලා දේශපාලන ජාවාරමේ යෙදෙන අයෙක් මට මෝඩයා කීවාට කමක් නැහැ. එය මට වටිනවා. ඔහුට අනුව නම් ජනතාව වෙනුවෙන් කතා කරන මම මෝඩයෙක් නම් එය ඇත්තක්.










