සියලුම පක්ෂ නායකයින් ජුලි 9 වනදා ඇති කරගත් එකඟතාවයට අනුව කටයුතු කළ යුතු බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
“ගිවිසගත් පරිදි වහාම නව ජනාධිපතිවරයෙකු සහ නව අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීමට කටයුතු කරන්න. වැඩි කාලයක් ගත වන තරමට පවතින නොසන්සුන්තාව තවත් නරක අතට හැරෙනු ඇත. එවිට ශ්‍රී ලංකාව නීතියක් නැති සහ රටක් නැති රටක් බවට පත්වීම කිසිවකුට නතර කළ නොහැක” යි ඔහු පවසනවා.










