ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ඊයේ (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දී තිබේ.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
අදාළ වාර්තාව අද (25) දිනයේදී විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිත අතර හෙට (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.
කෙසේවෙතත් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පරෙුම මහතා මීට පෙර සදහන් කර සිටියේ අදාළ වාර්තාවෙන් විදුලිබල මණ්ඩලය වැරදිකරු කර ඇත්නම් අද (25) දිනයේ තමන් තනතුරින් ඉල්ලා අස්වීමට පියවර ගන්නා බවකි.