වර්තමානයේ අප රට තුළ ක්‍රියාත්මක සමහර දේශපාලන කණ්ඩායම් තමන් තරම් හොඳ විසඳුමක් අප රටට නොමැති බවට රට පුරා දේශපාලන වේදිකාවල කයිවාරු ගැහුවත් ඔවුන් කිසි දින උතුරු නැගෙනහිර පළාත් හි මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා නොයෙන බවත් ඔවුන් සිතා සිටින්නේ උතුරු නැගෙනහිර දෙපළාත් අප රටට අයිතියක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ උතුරේත් දකුණේත් ජනතාවගේ එක හා සමාන පිළිගැනීමක් ඇති එකම ජාතික පක්ෂ සමගි ජන බලවේගය බව යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මන්නාරම දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවකට එක් වෙමිනි.
එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ යුද්ධයෙන් බැටකෑ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව හිටපු ජනාධිපති ප්‍රමුඛ රජයත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් නොසලකා හැරියත් ජාති ආගම් කුල භේදයකින් තොරව මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව යි.

















