ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් ගුවන් යානාවල තත්ත්වය පිළිබදව එහි ගමන් කළ ලාංකිකයකු වීඩියෝවක් නිකුත් කර තිබිණ.
එහිදී ඔහු සදහන් කර සිටියේ තමන්ට ඉදිරියේ තිර සහිත ආසන 4ක් තිබුණද ඊට පසුපස පේළියේ ආසන 6ක් පවතින බවකි.
ඒ අනුව පසුපස පේළියේ සිටින පුද්ගලයන් දෙදෙනකුට අංශක 35ක් පමණ ඇලවී තිරය භාවිත කළ යුතු බවත්, අනෙකාගේ ට්‍රෙී එක භාවිත කළ යුතු බවත්ය.
එමෙන්ම එම ගුවන් යානය 163 බස් රථයක් හා සමානව ගැස්සි ගැස්සී ආ බවද හෙතෙම කීය.