• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කපන්න යන පඬුකරද ගහ බලන්න මෛත්‍රී ගම්පහට යයි: ගහ ඒ විදිහටම තියන්නත් කියයි

February 14, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කපන්න යන පඬුකරද ගහ බලන්න මෛත්‍රී ගම්පහට යයි: ගහ ඒ විදිහටම තියන්නත් කියයි
Share on WhatsAppShare on Facebook

රටේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දාරළුවේ පිහිටි පඬුකරද ගස (කෲඩියා සෙලනිකා) සම්බන්ධයෙන් ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය ගස ඒ ආකාරයෙන්ම තිබීම බවත්, ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් නම්‍යශීලීව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(14) පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දාරළුවේ පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු පඬුකරඳ ගස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ය.

එම ස්ථානයට හිටපු ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව හා පරිසර සංවිධාන මෙම ගසෙහි  වටිනාකම සම්බන්ධයෙන් හා වත්මන් තත්ත්වය පිළිබඳව සඳහන් කළහ. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයකු විසින් ගස සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාවක් මෙහි දී ජනාධිපතිවරයාට බාරදුන්නේය.

ගස සමීපයටම ගිය හිටපු ජනාධිපතිවරයා ගසට ගෞරව ආචාරය පුද කළේය. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මෛත්‍රීපාල  සිරිසේන මහතා  මෙසේ ද කීය.

‘සුන්දර පරිසරයක පිහිටි දාරළුව ගම්මානයට පැමිණීමට ලැබීම  පිළිබඳව මම සතුටු වෙනවා. දුර්ලභ ගසක්, වටිනා සම්පතක් වන මේ ගස වෙත මේ වන විට සියලු නිලධාරීන්ගේ හා රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වටිනාකම හේතුවෙන් මහා සංඝරත්නය මේ ගස ශාසනයට පූජා කළා. අපිත් පූජා වස්තුවක් ලෙස ඊට සලකන්න ඕනේ.

ජනතා ඉල්ලීම් සම්බන්ධයෙන්  රජයේ පාර්ශ්වයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මම මේ සම්බන්ධයෙන්  පෞද්ගලිකව රජය, අදාල ආයතන හා නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනවා.  ගස ආරක්ෂා කර ගැනීමට පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.

මගේ මතකය අනුව මම ජනාධිපති සමයේ ලැබුණු මුල් සැලැස්මේ මේ ගස මග අරින සැලැස්මක් තිබුනු බව මතකයි. ගසට පරිසරයට ආදරය කරන පිරිස් කරන ඉල්ලීම් සලකා බලා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු නොවුණු ඇතැයි මම විශ්වාස කරනවා. මම ජනාධිපති කාලයේ මේක සම්බන්ධයෙන් මට වාර්තාවක් ලැබුණේ නැහැ.

අද ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය මේ ගස මේ ආකාරයෙන්තිබෙන එකයි’ යැයි හිටපු ජනපතිවරයා කීය.

SendShareShare
Previous Post

තත්ත්වය බරපතළයි: සෞඛ්‍ය නිලධාරීන් වහා රැස්වෙයි: ‘සූම්’ ඔස්සේ හදිසි සාකච්ජාවක

Next Post

රට යම් තාක් දුරකට හෝ ලොක්ඩවුන් කරන්නැයි PHI සංගමයේ ලොක්කා ආණ්ඩුවෙන් ඉල්ලයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.