ශ්‍රී ලංකාවේ පළමුවරට දෘෂ්ටි මායාවක් සහිත මාර්ග කොටසක් සොයාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සමත්ව තිබෙනවා. (Sri Lanka Latest News)
නාඋල-ඇළහැර ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද ජලාශයට ආසන්න ප්‍රදේශයකින් මෙම මාර්ග කොටස හමුවනවා.
හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන රත්නප්‍රිය බන්දු මහතා මේ පිළිබඳ මහාචාර්යවරයාට වීඩියෝ මගින් දැනුම්දීමත් සමග එම ස්ථාන පරික්ෂාවට පැමිණි මහාචාර්යවරයා පැවසුවේ මෙවැනි ස්ථානයක් ශ්‍රී ලංකාවේ හමුවූ ප්‍රථම අවස්ථාව බවත් තවත් රටවල් කිහිපයක මෙවැනි ස්ථාන දැනට හඳුනාගෙන ඇති බවයි.
එහිදී මහාචාර්යවරයා පැහැදිළි කළේ, මෙම ස්ථානය බැලූ බැල්මට දර්ශනය වන්නේ කන්දක් වශයෙන් වුවද සත්‍ය වශයෙන්ම එම ස්ථානයේ පවතින්නේ පල්ලමක් බවයි.










